පසුගිය පුවත්
ඔලිම්පික් වරම් ලද ගුවන් හමුදා ජුඩෝ ශුරයා ගුවන් හමුදාපතිගේ ඇගයීමට
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එළඹෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා තේරී පත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජූඩෝ ක්‍රීඩක කෝප්‍රල් චාමර ධර්මවර්ධන ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ හමුවිය.
ආරක්ෂක අංශ විසින් රට පුරා ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන
ජනාධිපතිවරයාගේ නියෝගය අනුව සඳහා ආරක්‍ෂක අංශ විසින් සිවිල් වැසියන්ට එන්නත ලබා ගැනීම සඳහා බස්නාහිර පළාතේ සහ දිස්ත්‍රික් පදනම් කරගත් නව ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන අද (ජූලි 5) උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා විවුර්තව ඇත.
බංග්ලාදේශ මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි
අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් අතිගරු තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් මැතිතුමා අද (ජුලි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයෙදී හමුවිය.
යුද හමුදා භටපිරිස් නීති විරෝධී වැලි ජාවාරමක් වටලයි
ත්‍රිකුණාමලය සිත්තාරු ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීම්වල යෙදී සිටි පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා භට පිරිස් සහ පොලිසිය සමත්ව ඇත.
දියතලාවේ යුද හමුදා භට පිරිස් කාබනික පොහොර නිෂ්පාදනය අරඹයි
පළමුවන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ භට පිරිස් විසින් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් දියතලාවේදී ආරම්භ කරන ලදී.
දිළිඳු පවුල් වෙත සහන සැපයීමට යුද හමුදා සහය
ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 52 වන සේනාංකය විසින් පසුගිය දිනක අරියාල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක මලු ලබාදෙන ලදී.
කිලිනොච්චියේ අවශ්‍යතා සහිත වැසියන් වෙනුවෙන් යුද හමුදාවෙන් නිවාස හයක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිලිනොච්චි හි අසරණ පුද්ගලයින් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ.
නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු 442 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටියදී පුද්ගලයින් 442 දෙනෙකු සහ බෝට්ටු 153 ක් ඇතුළු ධීවර උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොවිඩ් මර්දන ක්‍රියාන්විතය සඳහා ධර්ම විජය පදනමෙන් වෛද්‍ය උපකරණ තොගයක්
ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම සහ බෞද්ධ විහාරය මගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පාලනය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඊයේ (ජූලි 01) දින පරිත්‍යාග කරන ලදි.
නීති විරෝධී කහ තොගයක් මන්නාරමදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජුනි 29, 30 සහ ජූලි මස 01 යන දිනවලදී මන්නාරම අච්චානකුලම්, නරුවිලිකුලම් සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 2021 ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නීති විරෝධි ගංජා වගාවක් යුද හමුදාවෙන් විනාශ කෙරේ
තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද නීති විරෝධී ගංජා වගාවන් දෙකක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී වැටලු අතර පොලිසියේ අධීක්‍ෂණය යටතේ ඒවා විනාශ කිරීමට කටයුතු කරන ලදි.
'CARAT-21' නාවික අභ්‍යාසය සාර්ථකව නිමවේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව අරමුණු කරගෙන පවත්වන ලද බහුපාර්ශවීය නාවික අභ්‍යාසය (CARAT) - 2021 සාර්ථකව ඊයේ (ජුනි 30) දින නිමා විය.
ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍රෝපකරණ අමතර කොටස් තොගයක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සුරක්‍ෂා නෞකාවට අවශ්‍ය අමතර කොටස් භාරදිම සඳහා වූ උත්සවයක් පසුගිය ජුනි 29 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකා මූලස්ථානයේදී පැවැත්විණි.
යුද හමුදා ක්‍රිඩකයින්ට ජාත්‍යන්තර ජයග්‍රහණ
මෑතකදී පැවැති ‘76th Cezmi Or Memorial Athletic Championship’ තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනා ගනිමින් යුද හමුදාවට සහ රටට ගෞරවය ලබා දී තිබේ.
යුද හමුදාව තවත් වාහන 12 ක් ප්‍රතිනවීකරණය කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් තවත් නව ලෑන්ඩ් රෝවර් මාදිලියේ වාහන 12 ක් ප්‍රතිනවීකරණය කර යුද හමුදා වාහන සංචිතයට එක් කළ අතර එම වාහන සංකේතාත්මකව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (ජුනි 29) භාර දෙන ලදි.
තිස්සමහාරාමයේ ව්‍යාපෘතියක නියුතු චීන සමාගමකට අයත් සේවකයින් පිරිසක් හමුදා නිල ඇඳුම් ඇඳීමේ සිදුවීම සබැඳිව මාධ්‍ය නිවේදනය
තිස්සමහාරාමය තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම සඳහා දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘතියට අදාළ පෞද්ගලික සමාගමට අයත් චීන ජාතික සේවකයින්, හමුදා කැලෑ නිල ඇඳුමින් සැරසී සිටි බව මාධ්‍ය මගින් ඉස්මතු කර ඇත.
කාබනික පොහොර නිෂ්පාදනයට යුද හමුදා සහාය
ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් කඳවුරුවල කාබනික පොහොර නිෂ්පාදන කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
යුද හමුදාව ලැව් ගිනි නිවයි
ආපදා කළමණාකාර මධ්‍යස්ථානය ලබාදුන් තොරතුරුවලට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහකුඩුගල රක්ෂිතයේ පැතිර ගිය ලැව් ගින්නක් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් නිවාදමා තිබේ.
‘CARAT-21’ නාවික අභ්‍යාසයේ මුහුදු අදියර ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය, සූදානම සහ පුහුණුව පිළිබඳව පවත්වනු ලබන බහුපාර්ශවීය නාවික අභ්‍යාසයේ (CARAT-21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.
බෙලිඅත්ත ප්‍රදේශයට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
යුද හමුදාව විසින් මෑතකදී බෙලිඅත්ත ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.
'මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය' අදයි
මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය' සනිටුහන් කරමින් ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩසටහන සඳහා පණිවිඩයක් නිකුත් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටියේ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ තරුණ තරුණියන් පුනරුත්ථාපනය කිරීම තුළින් ජාතික ශ්‍රම බලකාය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.
වවුනියාව නගරය යුද හමුදාව විසින් විෂබීජහරණය කෙරේ
කොවිඩ් - 19 වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා යුද හමුදා භටපිරිස් විසින් වවුනියාව නගරය හා ඒ අවට පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් මෑතකදී සිදු කරන ලදී.
කේරල ගංජා කිලෝ 80ක් නල්ලූර් හිදී යුද හමුදා අත්අඩංගුවට
කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 80 කට අධික ප්‍රමාණයක් කිලිනොච්චිය, නල්ලූර් සීතාකුඩිඉරිප්පු ප්‍රදේශයේදී යුද හමුදා භටපිරිස් විසින් ඊයේ ( ජුනි 25) දින සොයාගෙන තිබේ.
නීති විරෝධී කහ කිලෝ 753 ක් සිලාවතුරෙන් සොයාගැනේ
යුද හමුදාවේ 54 වන සේනාංකයට අයත් බුද්ධි අංශ සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිලාවතුර සවරිපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී කහ කිලෝ ග්‍රෑම් 753 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව විසින් ලුණාව රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කෙරේ
මොරටුව, ලුණාව රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් යුද හමුදා භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කර අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදී ඇත.