පසුගිය පුවත්
අසරණ පවුලක් සඳහා යුධ හමුදාව නිවසක් ඉදිකරයි
තවත් ප්‍රජා සුභසාධන වැඩසටහනක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව සීගිරිය කිඹිස්ස ප්‍රදේශයේහි අගහිඟකම් ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලද අතර මෑතකදී චාම් උත්සවයක් සංවිධානය කර එම නිවස ප්‍රදානය කරන ලදී.
සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයින් 570 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව ගියහ
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 762 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 31,374 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 12 ) ප්‍රකාශ කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායමට මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක නිලධාරීන්ගෙන් පැසසුම්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා කණ්ඩායම අවශ්‍ය වෙලාවේදී, වෘත්තීයමය සුදානම මත ක්‍රියාත්මක වෙමින් මෑතකදී දැක්වූ දායකත්වය වෙනුවෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ (MINUSCA) නිලධාරීන්ගේ පැසසුමට ලක්කරන ලදී.
සන්නද්ධ හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය - ආරක්ෂක ලේකම්
එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක් තිස්සේ විනාශයට පත්වූ අපේ රට පුනර්ජීවනය කිරීම සඳහා දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහයවීමට සන්නද්ධ හමුදා සැමවිටම සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තවදුරටත් සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයෙන් ප්‍රතිඥා
මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමුකර එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සිය උපරිම සහයෝගය ලබාදෙමින් ඇමරිකානු ඩොලර් 100,000 ක ආධාරයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (දෙසැම්බර් 11) පොරොන්දු විය.
සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 22,260 දක්වා ඉහළට
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 538 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 11) ප්‍රකාශ කරන ලදී.
සුප්‍රසිද්ධ නවකතාකරු ගුණරත්න ඒකනායක ආරක්ෂක ලේකම් හමුවේ
සම්මානලාභී නවකතාකරුවෙක් ලේඛකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයක් වන ගුණරත්න ඒකනායක මහතා ඔහු විසින් රචිත පොත් පහක් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වෙත අද දින (දෙසැම්බර් 10) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදී පිළිගැන්වීය.
බදාදා දින පීසීආර් පරීක්ෂණ 14,336 ක්
පසුගිය පැය 24 තුළ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 697 ක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,074 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 10) ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා දැක්ම ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී
නාවික හමුදාවේ 70 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් ‘මෙය ඔබේ නාවික හමුදාව’ සහ ‘ඔබේ නාවික හමුදාව දැනගන්න’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේ නැංගුරම් ලා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සදහා පිටත්ව යනලදී.
දකුණු සුඩාන් ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් (UNMISS) යටතේ ඇති ගුවන් ඒකකයේ 5 වන බලකාය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දෙවන කණ්ඩායම අද (දෙසැම්බර් 10) උදෑසන රටින් පිටත්ව ගියහ.
විකිරණශීලී ද්‍රව්‍ය උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබේ
සූර්ය බලශක්ති, සුළං හා ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍ය ගරු. දුමින්ද දිසනායක මහතා විශේෂ විකිරණශීලී ද්‍රව්‍ය හඳුනාගැනීමේ සහ විකිරණශීලී මිනුම් උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරණ ලදී.
යුධ හමුදාව කිරි නිෂ්පාදනය ආරම්භ කරන ලදී
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදා කන්දකාඩු ගොවිපොළේ නැවුම් කිරි බෝතල් 1,000 ක් නිෂ්පාදනය කර තිබේ.
රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (දෙසැම්බර් 09) අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
වසංගතය හේතුවෙන් රටට සෙත් පතා සති තුනක් පුරා පැවති පිරිත් සජ්ඣායනය අදින් අවසන්
කොරෝනා වෛරස වසංගතයෙන් මිදීම සඳහා රටට ආශිර්වාද කිරීම වෙනුවෙන් නිදහස් චතුරශ්‍රයේ පැවති සති තුනක අඛණ්ඩ පිරිත් සජ්ඣායනය අද උදෑසන (දෙසැම්බර් 09) සාර්ථකව අවසන් කෙරිණි.
කොරෝනා වෛරසයෙන් සුවය ලැබූවන්ගේ මුළු ගණන 21,257 ක් දක්වා ඉහළට - කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය
අද (දෙසැම්බර් 09) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 798 ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 29,377 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ස්ථාන කිහිපයකට මිලිමීටර් 100 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාව (දෙසැම්බර් 9) නිකුත් කරමින් උතුර හා නැගෙනහිර පළාත්වල සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් කරයි.
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයට
දීඝවාපී ස්ථූප ප්‍රතිසංස්කරණ ව ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (දෙසැම්බර් 8) සවස ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විය.
පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිවිල් වැසියන් 89 දෙනෙකු සිය නිවෙස් වෙතට
ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණි 89 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පලාලිහි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී, නියමිත නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු ඊයේ (දෙසැම්බර් 7) දින සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
සඳුදා දින පීසීආර් පරීක්ෂණ 13,831 ක් සිදුකරන ලදී
අද (දෙසැම්බර් 08) පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයින් 703ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත මුලු රෝගීන් සංඛ්‍යාව 28,579 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
යුද හමුදාව විසින් අක්කර 30 ක පොල් පැළ සිටුවයි
‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව කුට්ටිගල හමුදා කඳවුර තුළ අක්කර 30 ක භූමි භාගයක පොල් පැළ සිටුවීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලදී.