සිදුවීම්

සිදුවීම් | සිදුවීම්

චීන ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් අද (ජූනි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට

පසුගියදා  x press pearl වෙළඳ නෞකාවේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් ක්‍ෂණික ප්‍රතිචාරය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා වෙත අද දින (11) ආරක්‍ෂක අමාත්‍යංශයේදි  ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සිය ප්‍රශංසාව පල කලේය.


සිදුවීම් | සිදුවීම්

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජූනි 10 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.


සිදුවීම් | සිදුවීම්

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නව සභාපතිනිය වැඩභාර ගනී

වෛද්‍ය ප්‍රියංගනී අමරබන්දු මහත්මිය ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2021 මැයි මස 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.


සිදුවීම් | සිදුවීම්

නික්මයන රුසියානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

රුසියානු සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ශ්කොඩා සිය ධූර කාලය අවසන් කිරීමෙන් පසු නික්ම යාමට ප්‍රථම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූනි 04) දින ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද (ජුනි 2) දින අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

නාවික හමුදාවේ ටෙහානි එගොඩවෙල ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල, කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.


සිදුවීම් | සිදුවීම්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හෝලි මහතා ප්‍රමුඛ දූත පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (මැයි 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

 


සිදුවීම් | සිදුවීම්

ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ‘දීඝවාපිය අරුණ’ අරමුදලට පරිත්‍යාගයක්

'දීඝවාපිය  අරුණ'  අරමුදලට රු. 550,000 ක මුදලක්  පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දීම අද  (මැයි 21) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවිණි.


සිදුවීම් | සිදුවීම්

යුද හමුදා සෙබළෙකුගෙන් දකුණු ආසියානු වාර්තාවක්

මෑතකදී ටෙක්සාස් හි පැවති ක්‍රීඩා තරගාවලියකදී (2021 Lone Star Conference Outdoor Track & Field Championships) ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල උෂාන් තිවන්ක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්ව සඳහා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් තබන ලදි.


සිදුවීම් | සිදුවීම්

ගුවන් හමුදා පිහිනුම් ශූරයා ඇගයීමට

මෑතකදී ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව පිහිටුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අද (මැයි 6) හමුවිය.

 


සිදුවීම් | සිදුවීම්

මාධ්‍යවේදී රාජපක්‍ෂ රචිත ග්‍රන්ථ කිහිපයක් ආරක්‍ෂක ලේකම් වෙත පිළිගැන්වේ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා කතුවරයකු වන ඩී එස් එන් රාජපක්ෂ මහතා, ඔහු විසින් රචිත පොත් තුනක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මැයි 6) දින පිළිගැන්වීය.


සිදුවීම් | සිදුවීම්

ජාතික රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

 


සිදුවීම් | සිදුවීම්

චීන තානාපති ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා චීන නියෝජිතයින් පිරිසක් සමග අද (අප්‍රේල් 9) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය.


සිදුවීම් | සිදුවීම්

ආරක්‍ෂක ලේකම් රණවිරු සේවා අධිකාරියේ සංචාරයක

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (27) දින රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් අමතමින් රණවිරුවන්ගේ පවුල් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය.


සිදුවීම් | සිදුවීම්

මහජන දිනයේ රණවිරු හමුව

රණවිරුවන්ගේ ගැටළු පිළිබඳව මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කෙරෙන අතර, ඒ අනුව රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අද (අප්‍රේල් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.


සිදුවීම් | සිදුවීම්

ආරක්ෂක ලේකම් ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අප්‍රේල් 05) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරතවිය.


සිදුවීම් | සිදුවීම්

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( මාර්තු 26) දින අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.


සිදුවීම් | සිදුවීම්

සඳහිරු සෑයේ හතරැස් කොටුව සඳහා නිධන් වස්තු

ඩීපී ජයසිංහ සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිල්ෂාන් ජයසිංහ මහතා අද (මාර්තු 26) දින පූජනීය සඳහිරු සෑයෙහි තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු රාශියක් භාර දුන්නේය.


සිදුවීම් | සිදුවීම්

'ශ්‍රී ලංකාවේ ජාතික ආරක‍්ෂාවට වරාය නගරයේ බලපෑම' පිළිබඳ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ දේශනය

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද "ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට වරාය නගරයේ බලපෑම" පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් අද (මාර්තු 26) දින බත්තරමුල්ල ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේදී‍ පවත්වන ලදි.
 

 


සිදුවීම් | සිදුවීම්

සමුද්‍රීය නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක ක්‍රේග් ලුන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක සමඟ 2021 වර්ෂය තුළ UNODC හි අනුග්‍රහයෙන් මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පුහුණු පාඨමාලා පිළිබඳව පසුගිය දිනක සාකච්ඡා කරන ලදි.


සිදුවීම් | සිදුවීම්

ශ්‍රි ලංකා බාලදක්‍ෂිකා සංගම් ධජය ආරක්‍ෂක ලේකම් වෙත පළඳවයි

ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයේ 104 වන සැමරුම් ධජය, බස්නාහිර පළාත් කොමසාරිස් මිරානි දිසානායක විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 22) අමාත්‍යාංශයේ දී පළඳවනු ලැබීය.


සිදුවීම් | සිදුවීම්

‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය යටතේ නිවාස සිහින සැබෑ වේ

ජාතියට කළ දැවැන්ත සේවය අගය කරමින් යුද හමුදා රණවිරුවන් දෙදෙනෙකු වෙත 'අපි වෙනුවෙන් අපි' අරමුදල සහ යුධ හමුදා ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් ඉදිකරන ලද නව නිවාස දෙකක් අද (මාර්තු 20) දින මාතර වැවහමන්දූව ප්‍රදේශයේදී හි පැවති උත්සවයකදී භාර දෙන ලදි.

 


සිදුවීම් | සිදුවීම්

‘සඳහිරු සෑය’ සඳහා නිධන් වස්තු භාර ගැනේ

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.


සිදුවීම් | සිදුවීම්

‘දීඝවාපිය අරුණ’ ගිණුමට රුපියල් මිලියන 2.65ක්

‘දීඝවාපිය අරුණ’ ගිණුම වෙත රු. මිලියන 2.65 ක් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු විසින් පරිත්‍යාග කිරීම ඊයේ (මාර්තු 18) සිදුවිය.