නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයට සහභාගී වෙයි

කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ඊයේ (පෙබරවාරි 09) පැවති චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වූයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ (PDNA) වැඩමුළුවේදී ආපදාවන්ට ඔරොත්තු දිය හැකි ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සඳහා වන කැපවීම ආරක්‍ෂක ලේකම්වරයා යළි තහවුරු කරයි

‍"දිට්වා" සුළි කුණාටුවේ බලපෑම පිළිබඳ පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම් (PDNA) තහවුරු කිරීමේ සහ අවසන් කිරීමේ වැඩමුළුව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 09) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණක්‍ෂිතයට පත් රණවිරුවෝ දෙව්නිමෝරි සර්වඥ ධාතූන්
වහන්සේලා වැඳපුදා ගනිති

රාගම රණවිරු සෙවන, අභිමංසල සහ මිහිඳු සෙත් මැදුර යන සුවසහන නිකේතනවල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සහ පුනරුත්ථාපනය වෙමින් පසුවන රණවිරුවන් පිරිසක්, අද (පෙබරවාරි 08) දින ඉන්දියාවේ සිට වැඩම කොට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා එක් වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වේ

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබරවාරි 06) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

2027 වසර සඳහා වන නව ව්‍යාපෘති යෝජනා සැකසීම පිළිබඳ සාකච්ඡාවක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

2027 වර්ෂය සඳහා නව ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් අද (පෙබරවාරි 06) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී වුයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2026 පෙබරවාරි මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව තුළ නිදහස් ආර පැරෂුට් පැනීමේ (Skydiving) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (පෙබරවාරි 05) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් අතිගරු H.E. Masood Imad අද (පෙබරවාරි 05) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉතාලි ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

නවදිල්ලියේ ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාව සඳහා ද කටයුතු කරනු ලබන ආරක්‍ෂක උපදේශක, කපිතාන් Armando Paolo SIMI (නාවික) අද (පෙබ. 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වේ

විදේශ ආපදා සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැති සුහද හමුවකට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (පෙබරවාරි 04) දින කොළඹ සීනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ සුහද හමුවකට සහභාගී වුයේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ගොඩනඟමු ශ්‍රී ලංකා”

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු.


පසුගිය පුවත් | පසුගිය පුවත්

78 වන නිදහස් දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ නිල රාජ්‍ය උත්සවය “Rebuilding Sri Lanka” යන තේමාව පෙරදැරි කරගනිමින් අද (පෙබරවාරි 04) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි


පසුගිය පුවත් | පසුගිය පුවත්

2026 නිදහස් දින පණිවිඩය

78 වන ජාතික නිදහස් දිනය අප විසින් සමරනු ලබන්නේ, අභියෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශයෙන් ස්ථාවරභාවයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යමින් සිටින ඓතිහාසික මොහොතකය. ලාංකිකයන් ලෙස අප සැමගේ සාමූහික පොරබැදීමේ ප්‍රතිඵලයක් ලෙස බලපෑම් සහගත ආර්ථික ප්‍රගතියක් සාක්ෂාත් කර ගැනීමට වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී අපි සමත් වීමු. අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත දේශපාලන සංස්කෘතියක් තුළ ගොඩනැඟෙන ලස්සන ලංකාවක් ලෙස ජාත්‍යන්තරයේ අපේ රට සන්නාමගත කිරීමට අපි සමත් වීමු.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ඩිජිටල් ආරක්‍ෂාව පිළිබඳ ජාතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ පූර්වගාමී පියවරක් ලෙස, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය (DCC) විසින් තම දෙවන සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා (ජන. 30) දින පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජාතික මට්ටමේ කාන්තා හා ළමා ඒකක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී

කොළඹ, පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (පෙබරවාරි 03) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා සමඟ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා අද (පෙබරවාරි 02) දින එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය නිමව පිටව යන පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ගරු Faheem-Ul-Aziz (විශ්‍රාමික) මැතිතුමා අද (පෙබරවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී සිය සමුගැනීමේ නිල හමුවීම් සිදු කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශ මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් හමුවෙයි

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඇති අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් පැවැත්වූ මහජන දින වැඩසටහන අද (ජනනවාරි 30) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු Mathew Duckworth මැතිතුමා අද (ජනවාරි 29) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ සුහද හමුවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

78 වන ජාතික නිදහස් දින සැමරුම උත්සවය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවට ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වෙයි

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ඒ. එච්. එම්. එච්. අබයරත්න, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළඳාමට එරෙහි ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලසුමක් එළිදක්වයි

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF), නීතිවිරෝධී තැනැත්තන් වෙළඳාම් කටයුතු නිරීක්‍ෂණය කිරීම සහ ඊට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලසුම (2026-2030), අද (2026 ජනවාරි 28) දින නිල වශයෙන් දියත් කරන ලදී. මෙහි අරමුණ වන්නේ සියලු ආකාරයේ තැනැත්තන් වෙළඳාම් තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති දැඩි කැපවීම යළි තහවුරු කිරීම සහ සම්බන්ධීකරණය කරන ලද ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෙදර්ලන්ත තානාපතිවරයා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර
නිල හමුවක් - ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත රාජධානියේ තානාපති අතිගරු Wiebe de Boer මැතිතුමා ඊයේ (ජන. 26) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ ප්‍රදේශයේ මහජන දින වැඩසටහන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

මහජනතාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය අතර සෘජු සන්නිවේදනය ශක්තිමත් කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද මහජන දින වැඩසටහන තුලින්, විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන්ට, රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙන්ම, සාමාන්‍ය මහජනතාවට ද තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමටත් අවස්ථාව සලසා දී ඇත.