නවතම පුවත්
12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ වේ
‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන ලද 12 වැනි ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය - 2025 පසුගියදා (සැප්තැම්බර් 24) දින ආරම්භ විය.
දේශීය ගිනිකෙළි නිෂ්පාදන නියෝජිතයින් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
මෙරට ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින නියෝජිතයින් පිරිසක් සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර විශේෂ සාකච්ඡාවක් අද ( සැප්. 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (සැප්තැම්බර් 23) දින කොළඹ වරායේ දී ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරමින් ප්‍රංශ තානාපති ප්‍රමුඛ දූත පිරිස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Remi Lambert මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (සැප් 22) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමු වු අතර, මෙම හමුව දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රගතිශීලී පියවරක් සනිටුවහන් කලහ.
ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් Dinesh K. Tripathi අද (සැප් 22) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදිත්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීත් හමුවිය.
12 වන Beijing Xiangshan සමුළුවේදී ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය සංවාදය ප්‍රවර්ධනය සහ චීන-ශ්‍රී ලංකා සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කරයි
චීනයේ පැවති 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තෙයියකොන්තා (විශ්‍රාමික) ගෝලීය හා කලාපීය ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමූහික සංවාදයේ, කලාපීය සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සංකේතාත්මක
පොපි මල් පැළඳවීම සිදුකරයි
පළමු ලෝක සංග්‍රාමයේ දී රාජකාරීන්හි යෙදී සිටියදී මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා සමරනු ලබන පොපි දිනය සංකේතවත් කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර(විශ්‍රාමික) හට සංකේතාත්මකව පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් LM මුදලිගේ (විශ්‍රාමික) විසින් අද (සැප් 19) සිදුකරන ලදි.
12 වන “ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය” සැප්තැම්බර් 24 සහ 25 කොළඹ දී පැවැත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන “ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය“ 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ වැලිසර Wave n' Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ආරක්‍ෂක ලේකම්වරයා චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල
ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සර උළෙලට සහභාගී වේ
චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සරය සැප්. 14 දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේ දී චීන ජනරජයේ තානාපති, ගරු Qi Zhenhong මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර
නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“Pacific Angel 2025” අභ්‍යාසය සාර්ථකව අවසන් වේ
පසුගිය සඳුදා (සැප් 08) ආරම්භ වූ “Pacific Angel 2025” අභ්‍යාසය ඊයේ (සැප් 12) සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද "Pacific Angel 2025” අභ්‍යාසය කටුනායකදී ඊයේ දින පැවති උත්සවයකදී සිය සමාප්තිය සනිටුහන් කළේය.
නායයෑම් අවදානම අවම කිරීම පිළිබඳ 6 වන ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ක්‍රියාත්මක කරන ලද නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය මගින් එහි 6 වන ව්‍යාපෘති මෙහෙයුම් කමිටු රැස්වීම අද (සැප් 12) ආරක්‍ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 19 වන සංවත්සරය සමරයි
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය 19 වන සංවත්සරය ඊයේ (සැප් 10) මිහින්තලේ සිවිල් ආරක්‍ෂක බලකා රණවිරු ස්මාරකය අබියසදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය. එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක්
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු ආරක්‍ෂක, උපායමාර්ග සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ සාමාජික Rahul Roy Chaudhury මහතා පසුගියදා (සැප්තැම්බර් 08) අමාත්‍යාංශ පරිශ්‍රයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නාරාහේන්පිට
යුද හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගියදා (සැප් 03) නාරාහේන්පිට යුද හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වු අතර, එම ස්ථානයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
කලා වැවේ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහන
සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් Wild Tuskers සංවිධානය සමඟ එක්ව 212 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි කලා වැවේ වැව් බැම්මේ පවතින ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීම සඳහා දැවැන්ත පරිසර සංරක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම ශාක විශේෂය වනයේ ජීවත්වන අලි ඇතුන්ගේ ජීවන රටාවට පවා බාධා පමුණුවන ආක්‍රමණශීලී ශාක විශේෂයකි.
ආරක්‍ෂක අමාත්‍යාංශය Sri Lanka’s Digital Blueprint සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
ආරක්‍ෂක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව, “Sri Lanka’s Digital Blueprint” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (සැප්තැම්බර් 03) වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි, ආරක්‍ෂක ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කල අතර, රජයේ ඩිජිටල් පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ උපායමාර්ගික අවබෝධයක් ලබා දීම සහ ආරක්‍ෂක අංශය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සමඟ පෙළගැස්වීමේ මාර්ග ගවේෂණය කිරීම අරමුණු කරගෙන පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවන ලදී.
නීලගිරිය චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්‍ෂක
අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණයෙන්
නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ලාහුගල වනෝද්‍යානයට මැදි වු හුදකලා සුන්දර පරිසරයක මෙම ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.
ඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරෙන් විපතට පත් වූවන් මුදා ගැනීමේ
මෙහෙයුම් සඳහා ආරක්‍ෂක අංශ වල සහාය
ඊයේ (සැප්:04) දින රාත්‍රියේ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 23 වන හා 24 වන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේදී තංගල්ල නගර සභා සේවකයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්විය.
සෞඛ්‍ය සහ ආරක්‍ෂක ක්‍ෂේත්‍රයන්හි සහජීවනය ශක්තිමත් කිරීම
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් හා ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සමඟ ඊයේ (සැප්. 02) දින වේරහැර පිහිටි ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ශික්‍ෂණ රෝහල් පරිශ්‍රයේ නිල සංචාරයක නිරත වූහ.
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
මේජර් ජෙනරල් Pawanpal Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ඊයේ (සැප් 01) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිට් ඔහුගේ කාර්යාලයේදී හමුවිය.
ජාතික වෙරළ දිනයට සමගාමීව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් මාලාවක්
2025 අගෝස්තු මස 30 වන දිනට යෙදි ඇති ජාතික වෙරළ දිනය සංකේතවත් කරම්න් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නැන්වූ අතර, මිරිස්ස මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් රියර් අද්මිරාල් රාජප්‍රිය සේරසිංහ සහභාගි වු අතර, ඊට සමගාමිව වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය මුලස්ථාන මඟින් දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
මේජර් ජෙනරල් Pawanpal Singh ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දූත පිරිසක් අද (සැප්තැම්බර් 01) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සඳහා වන කැපවීම යළි තහවුරු කරයි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අගෝස්තු 29 සහ 30 යන දිනවල පැවති මහජන දින වැඩසටහන්වලට සමගාමීව කුරුණෑගල, පාන්ගොල්ලේ පිහිටි අභිමංසල - 3 සහ අනුරාධපුරයේ පිහිටි අභිමංසල - 1 රණවිරු සුවතා මධ්‍යස්ථානවල නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාර තුලින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පවතින පුළුල් සුභසාධන දැක්ම පමණක් නොව, ආබාධිත රණවිරුවන්ගේ යහපැවැත්ම, රැකවරණය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම ද පිළිබිඹු විය.
US Institute for Security Governance (ISG) ආයතනයේ
ආරක්‍ෂක සහයෝගීතාවය අඛණ්ඩව ඉදිරියට
US Institute for Security Governance (ISG) ආයතනයේ නියෝජිත පිරිසක් සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අතර විශේෂ හමුවක් පසුගිය බදාදා (අගෝස්තු (27) දින කොළඹ Courtyard by Marriott හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.