නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

‘කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව: අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය’ පිළිබඳ COSATT-INSS-KAS සමුළුව පැවැත්වේ

'කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව: අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය' යන තේමාව යටතේ පවත්වනු ලැබූ COSATT-INSS-KAS අන්තර්ජාතික සමුළුව, 2025 මැයි මස 15 සහ 16 දිනවල දී කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. Consortium of South Asian Think Tanks (COSATT), ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සහ Konrad-Adenauer-Stiftung (KAS) යන ආයතන වල සම සංවිධායකත්වයෙන් මෙවර සමුළුව පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

16 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් වන සුදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වේ

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කොළඹදී පැවැත්වේ

Consortium of South Asian Think Tanks, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සහ Konrad-Adenauer-Stiftung (KAS) යන ආයතන එක්ව "කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය" යන තේමාව යටතේ සංවිධානය කරන ලද දෙදින ජාත්‍යන්තර සමුළුව අද (මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘බුද්ධ රශ්මි 2025' ජාතික වෙසක් කලාපය තුන්වන දිනයේ සමාරම්භක උත්සවය
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන 'බුද්ධ රශ්මි 2025' ජාතික වෙසක් කලාපය තුන්වන දිනයේ සමාරම්භක අවස්ථාව ඊයේ (මැයි 14) සන්ධ්‍යාවේ සිදු කෙරුණු අතර, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මේ සඳහා සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් 7 වන
ජාත්‍යන්තර ආරක්‍ෂක උපදේශක පාඨමාලාව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ

ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන, 7 වන ජාත්‍යන්තර ආරක්‍ෂක උපදේශක පාඨමාලාව මැයි 14 දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කරන ලදී. රටවල් 35 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මැයි 21 දක්වා සතියක කාලයක් පුරා පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘සිරසා නමාමි වෙසක් කලාපය 2025’ ආරක්‍ෂක ලේකම්වරයාගේ
සුරතින් කොළඹදී විවෘත කෙරේ

සිරස ටීවී මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'සිරසා නමාමි වෙසක් කලාපය 2025' හි සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (මැයි 12) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සංකේතාත්මකව විවෘත කරන ලදී. බෞද්ධාගමික උත්සව අතුරින් වඩාත් පූජනීය අවස්ථාවක් ලෙස සැලකෙන වෙසක් උත්සවය, සුවහසක් බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මික පුනරුදය, සංස්කෘතික ඇගයීම සහ සහජීවනය පෝෂණය කිරීම අරමුණු කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙසක් දින පණිවිඩය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි. සියලූ බුද්ධ කාරක ධර්මයන් සපුරා, මාර සේනාව පරාජය කොට, මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාර්ය සත්‍යය අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලූ දුක් ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාර්ථචර්යාවෙන් අවබෝධ කරගත් ධර්මය සියලූ ලෝකවාසීන්ගේ ආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...

"භජේත මිත්තේ කල්‍යාණේ-භජේත පුරිසුත්තමේ"

උතුම් ගුණාංගයන්ගෙන් පිරිපුන් කල්‍යාණ මිතුරන් ඇසුරු කරමු


පසුගිය පුවත් | පසුගිය පුවත්

කෘතඥතාව පළකිරීම

පසුගියදා (මැයි 9 දින) මාදුරුඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා කඳවුරේ පැවති විසිර යාමේ පෙළපාලියේ පෙර පුහුණුවීම් අතරතුර සිදු වූ බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු, විපතට පත් හමුදා සාමාජිකයන්ගේ දිවි බේරා ගැනීමට කැපවී ක්‍රියාකල මාදුරුඔය ප්‍රදේශයේ ජනතාවට, අරලගංවිල ප්‍රාදේශීය රෝහලේ හා පොළොන්නරුව මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට මෙන්ම එම අවස්ථාවේ සහායට පැමිණි ගිනි නිවන සහ ගිලන් රථ සේවාවන්හි සාමාජිකයින් වෙත ආරක්‍ෂක අමාත්‍යාංශය සිය අවංක කෘතඥතාව පළ කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

80 වන රුසියානු විජයග්‍රහණ දින සැමරුමට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වේ

රුසියානු සමූහාණ්ඩුවේ 80 වන විජයග්‍රහණ දින සංවත්සරය ඊයේ (මැයි 05) දින කොළඹ රුසියානු මන්දිරයේදී සමරනු ලැබීය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) දෙවන ලෝක සංග්‍රාමයේදී ඔවුන් කරන ලද කැපකිරීම් අගය කරමින් දේශනයක් පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක

කොමදෝරු මුහම්මද් අලි ගේ ප්‍රධානත්වයෙන් යුතු පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක්, අද (මැයි 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී Severine Chappaz මහත්මිය, අද (මැයි 05) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නාවික හමුදා EOD සහ CBRNE විශේෂඥයින්ගේ උපක්‍රම ඉහළ නැංවීමේ පුහුණු සැසියක් ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ සාමාජිකයින් 24 දෙනෙකු සහ ඇමරිකා එක්සත් ජනපද ඉන්දු - පැසිෆික් විධානයේ සාමාජිකයින් තිදෙනෙකුගේ සහභාගිත්වයෙන්, පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම හා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ විශේෂිත පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව අවසන් කෙරිණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත් කෙරේ

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපාන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ආරක්‍ෂක සහයෝගීතාවන් ඉහළ නැංවීමේ අරමුණින් ජපාන ආරක්‍ෂක අමාත්‍ය ගරු Nakatani Gen මැතිතුමා නිල සංචාරයක් සඳහා ඊයේ (මැයි 03) දින ශ්‍රී ලංකාවට පැමිණියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

5 වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ආරක්‍ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, 5 වන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගිය බදාද‍ා (අප්‍රේල් 30) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී සාර්ථකව අවසන් විය. දෙරටේ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සදුදා (අප්‍රේල් 28) ආරම්භ වූ මෙම සාකච්ඡා ඔස්සේ දෙරට අතර පවතින ආරක්‍ෂක සබඳතා සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත හැකි නව මාර්ග ගවේෂණය කිරීමට අවස්ථාව උදා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම් පාකිස්ථාන නාවික හමුදාපති හමුවෙයි

මේ දිනවල පාකිස්ථානයේ පැවැත්වෙන ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 01) දින පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් නවීඩ් අෂ්රෆ් හමු වී ඔහු සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථානයේ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සහ යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා - පාකිස්ථාන උපායමාර්ගික සබඳතාවන් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින දිගුකාලින ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ කැපවීමක් සනිටුහන් කරමින් 5 වන වාර්ෂික ශ්‍රී ලංකා - පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදය පසුගියදා (අප්‍රේල් 28) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘IMDEX Asia - 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ
09 වන අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව (9th IMSC)
සඳහා සහභාගීවීමට සමුදුර නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

‘IMDEX Asia - 2025’ අන්තර් ජාතික සමුද්‍රීය ආරක්‍ෂණ ප්‍රදර්ශනය සහ 09 වැනි අන්තර්ජාතික සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ සමුළුව සඳහා සහභාගීවීම‍ට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව 2025 අප්‍රේල් මස 27 වැනි දින උදෑසන සිංගප්පූරුවේ චැංගි (Changi) වරාය වෙත පිටත් විම සඳහා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව කොළඹ වරායෙන් පිටත් වීම සිදුකෙරිණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මියන්මාරයේ සාර්ථක ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට

පසුගියදා මියන්මාරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට ලක්වූ එරට ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ හදිසි සහන මෙහෙයුම සාර්ථකව නිම කිරීමෙන් පසු ඒ සඳහා විශේෂයෙන්  යොදවනු ලැබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම අද (අප්‍රේල් 26) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි මව්බිමට ළගා වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අවසන් ගෞරව දක්වයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශෝකය පළ කිරීම සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (අප්‍රේල් 25) උදෑසන වතිකානු තානාපති කාර්යාලයට ගියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට නියෝජ්‍ය
ආරක්‍ෂක අමාත්‍යවරයා එක්වේ

කොළඹ 05 හි ජාවත්ත සුසාන භූමියේ අද (අප්‍රේල් 25) පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විසින් අනුස්මරණ ස්මාරකයට උපහාර දැක්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දළදා ප්‍රදර්ශනයට සමගාමීව බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් ලබාදෙන මූලික පහසුකම් හා ආරක්‍ෂක වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට
ආරක්‍ෂක ලේකම්වරයාගෙන් උපදෙස්

ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනයට සමගාමීව ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම හා සම්බන්ධ වත්මන් ප්‍රගතිය පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ සහ අද දින (අප්‍රේල් 22 සහ 23 ) එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා - කොරියානු සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව දකුණු කොරියානු නෞකාවේ සංචාරයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

කොරියානු ජනරජ නාවික හමුදාවේ නෞකාවක් වන ‘Kang Gam Chan’ නෞකාව නිල සංචාරයක නිරත වෙමින් අද (අප්‍රේල් 22) දින කොළඹ වරායට සේන්දු විය.