නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ආපදා කළමනාකරණ අංශයේ 2025 වසරේ දෙවන කාර්තුවට අදාළ කාර්තු පාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි

2025 වසරේ දෙවන කාර්තුවට අදාළ ආපදා කළමනාකරණ අංශයේ කාර්තු පාදක ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ සහ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතාගේ සම සභාපතීත්වයෙන් අද (සැප්තැම්බර් 30) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්තු පදනම් කරගත් ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්‍ෂක ලේකම්වරයාගේ සම සභාපතීත්වයෙන්

ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්ත (විශ්‍රාමික), මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එස්. මුදලිගේ මහතා සමඟ සම සභාපතීත්වයෙන්, ඊයේ (සැප්තැම්බර් 29) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ 2025 දෙවන කාර්තුව සඳහා වන කාර්තු පදනම් කරගත් ඒකාබද්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවට සහභාගී වේ

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 18 වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (සැප්තැම්බර් 30) දින එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවති අතර, එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මේ වන විටත් තහනම් කර ඇති, නීති විරෝධිව නිෂ්පාදනය කරනු ලබන “හක්කා පටස්” සහ “චීන පටස්” භාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුකෙරෙන රතිඤ්ඤා හා ගිණිකෙලි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන වලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය සහ වෙනත් රසායන ද්‍රව්‍යද භාවිතා කරමින් "චීන පටස්" නැමැති නීති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන බවට ද වාර්තා වේ. මෙම "චීන පටස්" සහ රතිඤ්ඤා හා ගිණිකෙලි නිෂ්පාදන සඳහා භාවිත කෙරෙන අමුද්‍රව්‍ය භාවිතා කර "හක්කා පටස්" නැමැති නිති විරෝධි පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 81 වැනි සංවත්සර උත්සවයට සහභාගි වේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 81 වැනි සංවත්සර උත්සවය අද (සැප්තැම්බර් 28) දින කොළඹ Grand Maitland උත්සව ශාලාවේදී පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පාලන ක්‍රමවේද ඔස්සේ නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ විගණන සහ කළමනාකරණ කමිටුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී රැස්වේ

පාලන ක්‍රමවේද ඔස්සේ නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියේ විගණන සහ කළමනාකරණ කමිටු (AMC) රැස්වීම ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප්තැම්බර් 26) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සෞදි අරාබි රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ඉන්දියාවේ නවදිල්ලි හි සහ ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි සෞදි අරාබි රාජකීය තානාපති කාර්යාල ද්විත්වයෙහිම හමුදා උපදේශක කපිතාන් (නාවික) Hussain Othman Al Kowaileet අද (සැප්තැම්බර් 26) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු Adel Ibrahim මැතිතුමා අද (සැප්තැම්බර් 26) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර සැමරුම් උත්සවය
කොළඹ දී පැවැත්වේ

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 76 වන සංවත්සර සැමරුම් උත්සවය ඊයේ (සැප්තැම්බර් 25) දින කොළඹ 'City of Dreams' හෝටල් පරිශ්‍රයේදී සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා වෙත සංකේතාත්මකව පොපි මලක් පළඳවයි

ජාත්‍යන්තර පොපි මල් දින සැමරුමට සමගාමිව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ (SLESA) නියෝජිත පිරිසක් අද (සැප්තැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවූ අවස්ථාවේදී ඔහු වෙත සංකේතාත්මකව පොපි මලක් උත්සවාකාරයෙන් පැළඳවීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා අද (සැප්තැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් Zaw Moe Lwin අද (සැප්තැම්බර් 25) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මොංගෝලියානු ආරක්‍ෂක උපදේශක නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මොංගෝලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් Odsuren Zayat අද (සැප්තැම්බර් 25) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

UNHCR ආයතනයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් ජාත්‍යන්තර සාම සාධක මෙහෙයුම්වල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ මානව හිමිකම් මුලපිරීම් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ (සැප්. 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම්වරයා හමු වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

12 වැනි ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී ආරම්භ වේ

‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන ලද 12 වැනි ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය - 2025 පසුගියදා (සැප්තැම්බර් 24) දින ආරම්භ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දේශීය ගිනිකෙළි නිෂ්පාදන නියෝජිතයින් ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

මෙරට ගිනිකෙළි නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින නියෝජිතයින් පිරිසක් සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතර විශේෂ සාකච්ඡාවක් අද ( සැප්. 24) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (සැප්තැම්බර් 23) දින කොළඹ වරායේ දී ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරමින් ප්‍රංශ තානාපති ප්‍රමුඛ දූත පිරිස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Remi Lambert මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස ඊයේ (සැප් 22) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදි හමු වු අතර, මෙම හමුව දෙරටේ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රගතිශීලී පියවරක් සනිටුවහන් කලහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් Dinesh K. Tripathi අද (සැප් 22) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදිත්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදීත් හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

12 වන Beijing Xiangshan සමුළුවේදී ආරක්‍ෂක ලේකම්වරයා කලාපීය සංවාදය ප්‍රවර්ධනය සහ චීන-ශ්‍රී ලංකා සහයෝගිතාවේ වැදගත්කම අවධාරණය කරයි

චීනයේ පැවති 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තෙයියකොන්තා (විශ්‍රාමික) ගෝලීය හා කලාපීය ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදීම සඳහා සාමූහික සංවාදයේ, කලාපීය සහයෝගීතාවයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට සංකේතාත්මක
පොපි මල් පැළඳවීම සිදුකරයි

පළමු ලෝක සංග්‍රාමයේ දී රාජකාරීන්හි යෙදී සිටියදී මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සඳහා සමරනු ලබන පොපි දිනය සංකේතවත් කරමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල්  අරුණ ජයසේකර(විශ්‍රාමික) හට සංකේතාත්මකව පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් LM මුදලිගේ (විශ්‍රාමික) විසින් අද (සැප් 19) සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

12 වන “ගාලු කථිකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය” සැප්තැම්බර් 24 සහ 25 කොළඹ දී පැවැත් වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 12 වන වරටත් සංවිධානය කරනු ලබන “ගාලු කථිකාව ජාත්‍යන්තර සම්මන්ත්‍රණය“ 2025 සැප්තැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ වැලිසර Wave n' Lake නාවික හමුදා උත්සව ශාලාවේදී පැවත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල
ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සර උළෙලට සහභාගී වේ

චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ 5 වැනි සංවත්සරය සැප්. 14 දින බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේ දී චීන ජනරජයේ තානාපති, ගරු Qi Zhenhong මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ වීරත්වයේ උරුමකරුවන්ට නාවික හමුදාධිපතිගෙන් උපහාර

නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්තව ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී රණක්‍ෂිතයට පත් වීරෝධාර නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, 2025 සැප්තැම්බර් මස 13 වැනි දින ත්‍රීකුණාමලය නාවික තටාකාංගනයේ, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“Pacific Angel 2025” අභ්‍යාසය සාර්ථකව අවසන් වේ

පසුගිය සඳුදා (සැප් 08) ආරම්භ වූ “Pacific Angel 2025” අභ්‍යාසය ඊයේ (සැප් 12) සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද "Pacific Angel 2025” අභ්‍යාසය කටුනායකදී ඊයේ දින පැවති උත්සවයකදී සිය සමාප්තිය සනිටුහන් කළේය.