නවතම පුවත්
නව අවුරුදු පණිවුඩය
උදා වූ නව වසර අලුත් හැඟීම් සමග සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබයි.
මුහුදේ සිදුකළ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ජාත්‍යන්තර සාගරික සංවිධානය මඟින් ඇගයීමක්
ජාත්‍යන්තර සාගරික සංවිධානය (International Maritime Organization - IMO) මඟින් මුහුදේ සුවිශේෂී නිර්භීතකම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයින් සිව් දෙනෙකු වෙත (04) පිරිනමන ලද ප්‍රශංසාත්මක සහතිකපත් (2021- IMO Award for Exceptional Bravery at Sea) එම නාවික පුද්ගලයින් වෙත ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් පසු ගිය දා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.
පුද්ගලික ආරක්‍ෂක සේවාව නැගී එන ක්‍ෂෙත්‍රයක් - ආරක්‍ෂක ලේකම්
පුද්ගලික ආරක්‍ෂක සේවාව නැඟී එන ක්‍ෂෙත්‍රයක් වන අතර, එය ජාතික ආරක්‍ෂාවට ද දායක වන බැවින් ඉන් ලැබෙන සහයෝගය අතිමහත් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ (දෙසැ. 29) සවස පැවසීය.
නත්තල් දින පණිවුඩය
ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල ශ්‍රී ලාංකික සහ ලෝක කිතුනු ජනතාවට පමණක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම ප්‍රේමය හා සාමය ගෙන දෙමින් සැම දෙන ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයකි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් කඩඉමක් සනිටුහන් කරමින් ‘ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය’ විවෘත කෙරේ
දිර්ඝ කාලයක් සිට රට තුළ පැවති අවශ්‍යතාවයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානය ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු කැරන් ඇන්ඩෲස් සහ වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්‍ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපායේදී අද (දෙසැ.20) විවෘත කරන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය නව නිලධාරීන් 316 දෙනෙකු
ජාතියට දායාද කරයි
අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැම්බර් 19) දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පැවති විසිර යාමේ පෙළපාලියේදී කෙඩෙට් නිලධාරීන් 316 දෙනෙක් නව නිලධාරීන් ලෙස අධිකාරියට පත්කරන ලදි.
මත් ද්‍රව්‍යවලින් හෝ අනවශ්‍ය ක්‍රියාවලින් ඔබේ ජීවිත විනාශ කර ගන්න එපා – ආරක්‍ෂක ලේකම් සිසුන්ගෙන් ඉල්ලයි
මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ සමාජ මාධ්‍ය අවභාවිතයන් හා සබැඳි අනවශ්‍ය සම්බන්ධතා හේතුවෙන් විනාශයට පත් නොවන්නට අපේ දරුවන්හට නිසි මඟ පෙන්විය යුතු බවත්, මෙවැනි සිද්ධීන් 3000කට අධික ප්‍රමාණයක් විමර්ශනය කිරීමට නියමිත බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින්
දිවංගත ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරේ
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය විසින් සංවිධානය කරන ලද ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අනුස්මරණ දේශනය බත්තරමුල්ල සුහුරුපායෙදී අද (දෙසැ 16) දින පැවැත්විණි.
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රධානි සහ
වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානි අතර හමුවක්
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුගා මහතා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක පසුගියදා (දෙසැම්බර් 14) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක නෞකා සමුද්‍ර රක්ෂා හිදී හමුවිය.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කැපවී සිටිනවා
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා - ජපාන ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිෂුකොෂී හිදෙකි මැතිතුමා අද (දෙසැ 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න - ආරක්‍ෂක ලේකම්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන්න යැයි ඊයේ (දෙසැ 14) දින බත්තරමුල්ල තලංගම ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වන 'සෙත් සෙවණ' ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ සමාරම්භය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන 11 වන වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය - 2021 අද (දෙසැම්බර් 14) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ආරම්භ විය.
උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්
එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතිය තුළ ලබා දී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දෙයි.
උදාකරගත් සාමයට කැළැලක් ඇතිකිරීමට ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී කණ්ඩායම් කටයුතු කරයි - ආරක්‍ෂක ලේකම්
ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදී උවදුර සම්පූර්ණයෙන්ම පලවා හැරීමේ සිට දශකයකට වැඩි කාලයකට පසු, ඇතැම් සමාජ විරෝධී සහ ශ්‍රී ලංකා විරෝධී පාර්ශවයන්, අප වෙහෙස මහන්සි වී උදාකරගත් සාමය කෙලෙසීමටත්, ජනවාර්ගික කණ්ඩායම් අතර අවිශ්වාසයක් සහ භේදයක් ඇති කිරීමටත් කටයුතු කරන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඊයේ (දෙසැම්බර් 10) දින පැවසීය.
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව තෙල් හා රසායනික කාන්දු ප්‍රතිචාරය පිළිබඳ සාකච්ඡාවක් සංවිධානය කරයි
ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඉන්දු පැසිෆික් විධානයේ නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සාමාජිකයින් සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන් සමඟ ‘තෙල් සහ රසායනික කාන්දු ප්‍රතිචාරය’ පිළිබඳ දෙදින සම්බන්ධීකරණ රැස්වීමක් දෙසැම්බර් මස 07 සහ 08 දෙදින කොළඹ ලයිට් හවුස් ගැලී හිදී සංවිධානය කරන ලදී.
සෙනගාල ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ඉන්දීය සහ ශ්‍රී ලංකා සෙනගල් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මලික් තියව් අද (දෙසැ 10) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.
තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනපති අවධාරණය කරයි.
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.
ශෝක පණිවුඩය
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් බිපින් රාවත් සහ මධුලිකා රාවත් මහත්මියගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, කාර්යය මණ්ඩලය සහ ත්‍රිවිධ හමුදාව සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරයි. තමිල්නාඩුවේ කුනූර් හි 2021 දෙසැම්බර් 08 වන බදාදා දින සිදුවූ අනතුරෙන් ජීවිත අහිමි වූ අනෙකුත් පවුල්වලට ද බලවත් සංවේගය පළ කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 71 වන සංවත්සරය අද (දෙසැම්බර් 09) දින සමරයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ප්‍රධානත්වයෙන්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඊයේ (07) දින පස්වරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය.
නික්මයන එක්සත් රාජධානියේ ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
සිය ධූර කාලය සම්පූර්ණ කිරීමට නියමිත කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් අද (දෙසැම්බර් 07) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.
යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (දෙසැම්බර් 7) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.
යුද හමුදා ක්‍රීඩකයින් බංගලාදේශයේ දී බැඩ්මින්ටන් ශුරතාවයක් දිනා ගනී
ශ්‍රී ලංකා යුද හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පසුගියදා බංගලාදේශයේ ඩකා නුවර පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ තරගාවලියේ පිරිමි යුගල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
ඉතාලි ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ඉන්දියාව, බංගලිදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ඉතාලියේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබ්‍රිසියෝ ෆල්සි, ඉතාලි තානාපතිනි අතිගරු රීටා ජුලියානා මැනෙල්ලා මැතිණිය සමඟින් අද (දෙසැම්බර් 06) ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.
.jpg)



















