නවතම පුවත්
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ - ආරක්ෂක ලේකම්
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ සුළු වරදකරුවන් දීර්ඝ කාලයක් සිරකඳවුරු තුල තබාගැනීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර යහමගට ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිසංස්කරණ නුදුරේදීම හදුන්වාදෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 29) දින පැවසීය.
‘ආරක්ෂක සමාලෝචන 2020’ එළිදැක්වේ
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් අද (ජනවාරි 27) දියත් කරන ලද ‘ආරක්ෂක සමාලෝචන 2020’ උපුටා දක්වමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුවේ සෞඛ්‍යය, පාරිසරික හා සමුද්‍රීය ආරක්ෂාව ඇතුළුව ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම මගින් වර්තමාන තත්වය තුළ ඇති ප්‍රධාන ගැටළු සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳව විශේෂ සඳහනක් කරමින් ගැටලුවේ හරය පිළිබඳව තවදුරටත් සොයා බැලීමට කදිම අවස්ථාවක් උදාකර දී තිබෙන බවයි.
දීඝවාපිය ස්ථූපය සඳහා අවශ්‍ය වන ගඩොල් යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්
දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා දිනකට අවශ්‍ය සම්මත ගඩොල් 30,000 ක පමණ ප්‍රමාණය යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජනවාරි 26) දින පැවසිය.
ගුවන් හමුදා වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය ආරක‍්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් (Eagles’ Golf Links) විසින් සත්කාරකත්වය දරණ ත්‍රිකුණාමලය චීන වරායේ පැවති ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය - 2021 හි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.
ආරක්ෂක ලේකම් සඳහිරු සෑය ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි
නියමිත කාල සීමාව තුල සඳහිරු සෑය ඉදිකර අවසන් කිරීම සඳහා වැඩ කාල සටහනට අනුව ඉදිකිරීම් කටයුතු සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ව්‍යාපෘතිය සදහා අනුයුක්ත කර ඇති සියලුම පාර්ශවකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.
අනගාරික ධර්මපාලතුමන්ගේ මෙහෙවර තවදුරටත් ඉදිරියට
මහාබෝධි සමාගමේ ශ්‍රී ලංකාවේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අති පුජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ අනුග්‍රහය යටතේ බුදු දහම ඉගැන්වීම් ප්‍රචාරය කිරීමේ අරමුණින් හෝමාගම විමලඥාන විහාරස්ථානයේ ධර්ම ශාලාවක් ඉදිකිරීම සඳහා ඊයේ (ජනවාරි 21) දින මුල්ගල තබන ලදී.
ආරක්ෂක මාර්ගෝපදේශයන්ට මුල්තැන දෙමින් 73 වන නිදහස් දිනය අභිමානයෙන් යුතුව පැවැත්වේ - ආරක්‍ෂක ලේකම්
සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් හා ජාතියේ අභිමානය පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ වැඩ භාරගනී.
ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ලෙස කර්නල් චන්දිම කුමාරසිංහ අද (ජනවාරි 19) දින වැඩ භාර ගත්තේය.
ජාතික ශිෂ්‍ය භට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවේ
ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර මහතා රාජකාරිය භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 19) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායකවරයා ආරක්ෂක ලේකම් හමුවේ
ආරක්ෂක සේවා අණදෙන හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් අයි.එච්.එම්.එන්.එන්. හේරත් මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.
රුසියානු ආරක්‍ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා අද (ජනවාරි 12) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
ආරක්ෂක ලේකම් තර්ස්ටන් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වේ
අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා සංරක්‍ෂිත ගොඩනැගිල්ලක් විවෘත කළේය
ඉන්දීය නව සහකාර ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ මෑතකදී පත්වූ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් මහතා අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ අරමුදලට මිලියන 1.6 ක පරිත්‍යාගයක්
දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමය විසින් අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යංශයේදී දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ අරමුදල සදහා රුපියල් මිලියන 1.6 ක් වටිනා චෙක්පතක් පරිත්‍යාග කළේය.
බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි මහතා අද (ජනවාරි 05) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අමාත්‍යාංශයේදී හමුවිය.
හමුදාවෙන් රාජ්‍ය ආයතන අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළක් නැහැ - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසුවේ, රාජ්‍ය අරමුදල් ඉතිරි කිරීමේ අරමුණින් කැබිනට් තීරණයකට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමේ ව්‍යාපෘතිය තාවකාලිකව යුද හමුදාව වෙත පවරා ඇති බවයි.
රාජ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක ලේකම් විසින් e-Land ලියාපදිංචි ක්‍රමය දියත් කරන ලදී
ජනාධිපතිතුමා විසින් අපේක්ෂා කරන ලද තවත් එක් සේවාවක් ඉටු කරමින් e-Land ලියාපදිංචි ක්‍රමය අද (ජනවාරි 04) කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.
සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිම රාජ්‍ය ඇමති හා ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන්
සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කොළඹ දිස්ත්‍රික් කාර්යාලය සහ එහි මධ්‍යම ලේඛනාගාරය විවෘත කිරිමේ උත්සවයට ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පන්නිපිටියේ දී අද (ජන්වාරි 04) දින සහභාගි විය.
එයාර් චීෆ් මාෂල් ‘පැඩි මෙන්ඩිස්’ උපහාර උළෙල
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවමාන පුරාවෘත්තයක් වන එයාර් චීෆ් මාෂල් දේශමාන්‍ය පත්මන් මෙන්ඩිස් මහතාට උපහාර දැක්විමේ උත්සවයකට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (ජනවාරි 1) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සහභාගි විය.
තුර්කි තනාපතිනිය ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු ආර්. ඩෙමෙට් සෙකර්සියොලු මැතිනිය අද (ජනවාරි 01) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවිය.
මගේ අධිෂ්ඨානය වනුයේ අමාත්‍යාංශයෙන් ‘ඵලදායී පුරවැසියන්’ බිහි කිරීමයි - ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය නව අවුරුදු උදාව සැමරීම ආගමික ආශීර්වාද හා වතාවත් මධ්‍යයේ අද (2021 ජනවාරි 1) දින සිදුකෙරිණි.
කිසිවෙකුටවත් අවි අතට ගැනීමට ඉඩදෙන්නේ නෑ - ආරක්‍ෂක ලේකම්
බෙදුම්වාදයට හා අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට මනාව සැලසුම් කර ඇති බැවින් ලබන වසරේ (2021) එවැනි ක්‍රියාවන් වලට කිසිදු ඉඩක් නොමැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ඊයේ (2020 දෙසැම්බර් 31) දින ප්‍රකාශ කරන ලදි.
කර්නල් රාජපක්‍ෂ මගේ ජිවිතයේ ආදර්ශමත් චරිතයක් - ආරක්‍ෂක ලේකම්
මෙරට පැවති රුදුරු ත්‍රස්තවාදය 2009 වසරේදී අවසන් කිරීම සඳහා නායකත්වය ලබා දුන් එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් ජනාධිපතිවරයාගේ පටන් ප්‍රබල නායකයින් බොහොමයක් ආනන්ද විද්‍යාලයේ යුග පුරුෂයෙක් වන දිවංගත කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්‍ෂගේ මැතිතුමන්ගේ ශිෂ්‍යයන් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.
ජනාධිපතිතුමන්ගේ නව අවුරුදු සුබ පැතුම් පණිවුඩය
නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වයි. එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණවය.