පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදා ‘කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම්’ පාඨමාලාව විදේශීය පුහුණුලාභීන් විසින් සාර්ථකව නිම කෙරේ

බංග්ලාදේශය, මාලදිවයින සහ පාකිස්තානය යන රටවලින් පැමිණි විදේශීය පුහුණුලාභීන් හය දෙනෙකු සඳහා වූ  අංක 02 ‘කැලෑබද සටන්  සහ ගුවන් සංග්‍රාමික  මෙහෙයුම්’ පාඨමාලාව පසුගියදා මොරවැව   පිහිටි ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසලේදී සාර්ථකව නිමාවන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

තැලසීමියා රෝගීන් සඳහා යුද හමුදා භට පිරිස් ලේ දන් දෙයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වටිනා ජීවිත රැක ගැනීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.


පුවත් කෙටියෙන් | News Updates

කොතලාවල විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් පුළුල් කෙරේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නවීන පහසුකම් සහිත නව නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම ඊයේ (සැප් 16) වේරහැර දී   ආරම්භ කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් ‍දෙදෙනෙක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මීගමුව, මා ඔය මෝය ආශ්‍රිත ප්‍රදේශයෙහි  සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් ඊයේ  (සැප්තැම්බර් 16) අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ

මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

නීති විරෝධී මෝර කොටස් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

නීති විරෝධී වියලි මෝර කොටස් කිලෝග්‍රෑම් 20 ක් සමඟ ධීවරයින් 7 දෙනෙකු සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩිකාවන් ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට

58 වන ලෝක හමුදා බොක්සිං ශූරතාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු අද (16) ශ්‍රී ලංකාවේ සිට රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතය.


පුවත් කෙටියෙන් | News Updates

බලහුරුවේ ගංජා වගාවක් යුද හමුදාවෙන් වටලයි

යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පසුගිය (14) දින තණමල්විල බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අන්තර්ජාතික පුහුණු සැසියක්

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් බටහිර අප්‍රිකානු රටවල් (ඝානාව සහ නයිජීරියාව) සඳහා ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළිබද පුහුණු වැඩමුළුවක් පසුගියදා මිරිස්ස වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක්
නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 14) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාව පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ සංවර්ධන කටයුතු නිම කරයි

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යටියන්තොට , මාලිම්බඩ පිහිටි පොද්දෙනිකන්ද මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය සහ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණ කටයුතු මෑතකදී අවසන් කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාව කුඹුක්කන හා වැලිමඩ ඇති වූ ලැව් ගිනි මැඩපවත්වයි

මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන දෙගලරබ කන්ද වන රක්ෂිතයේ සහ මහාගොඩයාය යන වනාන්තර ප්‍රදේශවල පසුගියදා ඇති වූ ලැව් ගිනි පාලනය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.


පුවත් කෙටියෙන් | News Updates

මුහුදු කූඩැල්ලන් 72,000 කට අධික තොගයක් ඉරුක්කුලම්පිඩ්ඩිහිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 72,542ක පමණ තොගයක් ඊයේ (සැප්තැම්බර් 12) අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

නුවරඑළියේ වනාන්තරයක අතුරුදන් වූ කත යුද හමුදාව සොයාගනී

නුවරඑළිය ඩන්සිනන් වතු යායේ  දර එකතු කරමින් සිටියදී සැප්තැම්බර් 5 වන දින අතුරුදන් වූ කාන්තාව සොයා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය.


පුවත් කෙටියෙන් | News Updates

නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ යාපනය කළපුවේ සහ සිලාවතුර අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ 2021 සැප්තැම්බර් 09 සහ 10 දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 1136 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05ක් සහ ඩීංගි යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පුවත් කෙටියෙන් | News Updates

මව්බිම රැකුමට කැපවූ රණවිරුවන්ට අත්වැලක්

මව්බිම වෙනුවෙන් තම ශරීරාංග පුදකල පොලොන්නරුව මැදිරිගිරිය සංසදයේ කේ.පි.පි.ඒ. කරුණාරත්න හා කේ .ජි.යූ නවරත්න යන විශ්‍රාමික රණවිරුවන් දෙපල සදහා රණවිරු සේවා අධිකාරිය විසින් අත්වාරු යුගලයන් ප්‍රධානය කිරිම පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

නීතිවිරෝධී මෝරවරල් සහිත ලොරියක්
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් සහිත ලොරි රථයක් සමග සැකකරුවන් පස් දෙනෙක්, බුද්ධි අංශ මඟින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (2021 සැප්තැම්බර් මස 09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.


පුවත් කෙටියෙන් | News Updates

ජිවිත රැකුමට යුද හමුදාවෙන් ලේ දන්දීමක්

අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් යුද හමුදා භට පිරිස් ඊයේ (සැප්තැම්බර් 7) දින මහනුවර ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් සිදුකරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ප්‍රදේශයේ යුද හමුදාව භාවිතා කල ඉඩම් ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන්ට භාර දෙයි

මුලතිව් කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරවිපංචන් ගම්මානයේ පර්චස් 36.8 ක ඉඩමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පසුගියදා ප්‍රාදේශීය ප්‍රාෙද්ශිය බලධාරින් වෙත භාර දෙන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

වෙරලාරක්ෂකයින් සඳහා විනිශ්චය පුහුණු වැඩසටහනක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහනේ සුදුසුකම් ලත් නියෝජිතයන් විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නිලධාරින් වෙත විනිශ්චය පිලිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේදී ලබා දෙන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

තවත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (සැප්තැම්බර් 6) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 38 ග්‍රෑම් 450ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) අත්අඩංගුවට ගන්නා ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සාර්ථකව අවසන් වූ ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ 2021/2 (JCET) සහතිකපත් ප්‍රධානය ත්‍රිකුණාමලයේදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද යුධ හමුදාව එක්ව ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව 2021/2 (Joint Combined Exchange Training (JCET) Balance Style 2021/2) සාර්ථකව අවසන් කරන ලද නාවික පුද්ගලයින් සඳහා සහතිකපත් ප්‍රදානය 2021 සැප්තැම්බර් 02 වන දින සිදු කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

මොස්කව්හිදී පැවති ‘යුද්ධ හමුදා ක්‍රීඩා - 2021’ තරඟාවලියේදී යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම දක්‍ෂතම කණ්ඩායමට හිමි සම්මානය හිමිකරගනී

මොස්කව්හිදී 8 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා-2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ‘දක්‍ෂතම කණ්ඩායම සඳහා වූ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස්’ (Grand Prix) සම්මානය ඇතුළුව තවත් සම්මාන කිහිපයක් දිනාගන්නා ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සෞඛ්‍ය සේවය ඉහල නැංවීම සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගියදා වැලිසර නාවික හමුදා සංකීර්ණයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පැවැත්වීය.