පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර කුරුණෑගලින් පිටත් වේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (15) උදෑසන ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනින් ගමන් ආරම්භ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද කුරුණෑගලට ලඟාවේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (14) උදෑසන තෝලංගමුව රජ මහා විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ඇල්පිටියට ඇදන් 400 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් යුද හමුදාවෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ අතහැර දමා තිබු ඇඟලුම් කර්මාන්තශාලාවක්, කොවිඩ්-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර පසුගියදා ඇල්පිටිය මූලික රෝහල වෙත භාර දෙන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහැර අද වරකාපොල හරහා ගමන් කෙරේ

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (13) උදෑසන ගම්පහ සාම විහාරයෙන් ගමන් ආරම්භ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සඳහිරු සෑයේ 'චූඩා මාණික්‍ය' සහ 'කොත්වහන්සේ' බැතිමතුන් හට වැඳ පුදා ගැනීම සඳහා හෙට දින කොරතොට රජමහා විහාරය වෙත වැඩම කෙරේ

සඳහිරු සෑයේ පූජණීය කොත්වහන්සේ හා චූඩා මාණික්‍ය රැගත් පෙරහැර කොළඹ නගරයේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ (08) සවස බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කරවන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

නීති විරෝධී ලෙස රැගෙන එන ලද වියලි කහ කිලෝ 5300 කට අධික තොගයක් වෙරළාරක්ෂක භාරයට

හලාවත වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියළි කහ කිලෝ 5372 ක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සුරක්ෂා නෞකාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර ගමන් අරඹයි

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් පෙරහැර දිවයින පුරා වීදි සංචාරය කිරීම අද (අගෝස්තු 8) දින උදෑසන සුභ මොහොතින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයෙන් ආරම්භ විමට නියමිතයි.


පුවත් කෙටියෙන් | News Updates

හිටපු LTTE සාමාජිකයින්ට ස්වයං රැකියා සඳහා යුද හමුදාවෙන් මුල්‍යාධාර

ජනාධිපති සමාව ලැබූ හිටපු LTTE සාමාජිකයින් 15 දෙනෙකුට ස්වයං රැකියා ආරම්භ කර රටේ නීතිගරුක පුරවැසියන් ලෙස සාමකාමී ජීවිතයක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුදල් ත්‍යාග පිරිනැමීමක් ඊයේ (අගෝස්තු 07) දින යාපනය ජෙට්වින් හෝටලයේදී සිදුකරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

නියමුවන් රහිත ගුවන් යානා සඳහා නව ගුවන් යානා අංගනයක්

නියමුවන් රහිත ගුවන් යානා පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන්යානා අංගන සංකීරණය  ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී විවෘත කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ආරක්ෂක අංශ වෙතින් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රටේ පවතින වසංගත හේතුවෙන් ඇතිවන අධික රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවාව සමඟ එක්ව ලේ දන්දීමේ ව්‍යාපාරයක් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (4) පවත්වන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය කීරිමූන්දලම වෙරළ තීරයේ ඊයේ (අගෝස්තු 04) දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් රුපියල් මිලියන 16 ක් වටිනා මුහුදු කූඩැල්ලන් කිලෝ 820 ක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු සහ ඩිංගි යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

කලාපීය සමුද්‍ර ආරක්‍ෂාව ප්‍රවර්‍ධනය සඳහා කොළඹ ආරක්‍ෂක සමුළුව

සමුද්‍ර ආරක්‍ෂණ සහයෝගීතාව පිළිබඳ පස්වන ජාතික ආරක්‍ෂක නියෝජ්‍ය උපදේශක සමුළුව වන ‘කොළඹ ආරක්‍ෂක සමුළුව’ ඊයේ (අගෝස්තු 4) දින ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින නියෝජනය කරමින් ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විය.


පුවත් කෙටියෙන් | News Updates

'රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය' ගාල්ලට

වස විසෙන් තොර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් දැනුවත් කිරීමේ අරමුණින් ‘සරුපසේ පෙරළිය’ යන තේමාව යටතේ රණවිරු සේවා අධිකාරිය මෙහෙයවන වැඩමුළුව පසුගියදා ගාල්ල ලබුදූව රජයේ ගොවිපලේදී  පවත්වන  ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකාවට සුනාමි බලපෑමක් නැහැ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අන්දමන් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 6.5 ක් වන භූමිකම්පාවක් හටගෙන ඇති අතර දැනට ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදා භට පිරිස් ලැව් ගින්නක් නිවා දමයි

පවත්නා වියළි කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බඹරගල කන්ද ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් මෑතකදී යුද හමුදාව විසින් මැඩපවත්වන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

යාපනයේදී ගංජා කිලෝ 109ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තොන්ඩමනාරු සිට මාමුණෙයි දක්වා වූ ගොඩබිම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ මෙහෙයුමකදී රුපියල් මිලියන 32ක් පමණ වටිනා ගංජා කිලෝ 109  හා ග්‍රෑම් 150ක් සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු භාරයට

නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් තොගයක් සමග ධීවරයින් හය දෙනෙකු සහ එක් දින ධීවර යාත්‍රාවක් ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ වේ

ඇස්ට්‍රාසෙ‍ෙනකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා වෛද්‍ය බලකාය විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී අද (අගෝස්තු 1) දින ආරම්භ කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාව වැලිඔය ප්‍රදේශයේ වැව් හතරක් ප්‍රතිසංස්කරණය කරයි

ජනාධිපතිතුමන්ගේ සංකල්පයක් වන 'වාරි සෞභාග්‍යය' ව්‍යාපෘතිය මගින් වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිඔය මහවැලි-එල් කලාපයේ වැව් 4 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව මගින් සිදු කරනු ලැබේ.


පුවත් කෙටියෙන් | News Updates

යාපනයේදී ගංජා කිලෝග්‍රෑම් 417 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ පසු ගියදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රුපියල් මිලියන 125ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

තද සුළං පිළිබඳ අනතුරු ඇගවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං ඇතිවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ‍යේ, උතුරු-මැද හා වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් සුළගේ වේගය පැ.කි.මී (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මි 60 දක්වා වැඩි විය හැකි බව සදහන් කරයි.


පුවත් කෙටියෙන් | News Updates

ත්‍රිකුණාමලය හමුදා භටයින් රුධිරය පරිත්‍යාග කරයි

ත්‍රිකුණාමල ප්‍රදේශයේ රාජකාරි වල නිරත ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් ත්‍රිකුණාමල රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණය පිළිබඳව විමසිලිමත් වන ලෙස ඉල්ලා සිටී

අද (ජූලි 24) කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.


පුවත් කෙටියෙන් | News Updates

කිලිනොච්චිය සිවිල් වැසියන් සඳහා නිවාස 3ක් යුද හමුදාවෙන්

සහජීවනය  ප්‍රවර්ධනය කිරීම සහ කිලිනොච්චි හි සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් අඩු ආදායම්ලාභි පවුල් තුනක් සඳහා මෑතකදී තවත් නව නිවාස තුනක් ඉදිකර ඔවුන්ට භාර දෙන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ගංජා කිලෝ 107 ට වැඩි ප්‍රමාණයක් වෙත්තලකේණිහිදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 22) දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.