පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාවෙන් යාපනය ශික්ෂණ රෝහලට ලේ පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස් විසින් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව වෙත ලේ පරිත්‍යාග කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

එන්නත් සතිය තුළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් බූස්ටර් මාත්‍රාව සපයයි

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ‘එන්නත් සතිය’ තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජංගම වෛද්‍ය කණ්ඩායම් විසින් බූස්ටර් එන්නත් මාත්‍රා ලබාදීමේ වැඩසටහන රට පුරා ආරම්භ කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

තවත් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා සහන සැලසේ

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැනට පුර්ණ ආබාධිත තත්වයේ පසුවන රණවිරුවෙකු සඳහා රණවිරු සේවා අධිකාරිය විසින් මෑතකදී සායනික ඇඳක් ප්‍රදානය කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 5 ප්‍රහාරක බලඝණය වසර 31ක් සපුරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) අංක 5 ප්‍රහාරක බලඝණය අඟහරුවාදා (පෙබ 1) සිය 31 වන සංවත්සරය සමරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ රාජකාරි සඳහා යුද හමුදා
සෙබළියන් ඇතුලත් කණ්ඩායමක්

ලෙබනනයේ  එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා පාබල හමුදා කණ්ඩායමේ  විසිර යාමේ පෙළපාලිය ඊයේ (ජනවාරි 30) දින පනාගොඩ පිහිටි පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වයෙන් සිදු විය.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදා වෛද්‍ය පහසුකම් මගින් විදෙස් ජාතික රෝගියෙකුට ප්‍රතිකාර

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෑතකදී ‘Decompression Sickness’ නැමති රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටි විදෙස් ජාතිකයෙකුට සාර්ථකව ප්‍රතිකාර කරන ලදී.
ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ කිමිදෙමින් සිටි ජර්මානු ජාතික කාන්තාවක් මෙම රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටියදි ජනවාරි 28 වන දින ත්‍රිකුණාමලයේ නාවික හමුදා රෝහලට ඇතුළත් කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ විරෝදාර රණවිරුවන් ඉන්දීය ජනරජ දිනයේදී සිහිපත් කරයි

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති සටනේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමඟ එක්වු ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් 73 වන ඉන්දිය ජනරජ දිනයට සමගාමීව ඉකුත් බදාදා (26) දින යාපනය, පලාලි පිහිටි ඉන්දියානු සාමසාධක හමුදා ස්මාරකය අභියසදී පැවැත්විණි.


පුවත් කෙටියෙන් | News Updates

මිලියන දහයක කෘත්‍රිම පාද රණවිරුවන් 167 දෙනකු සදහා ලබා දෙයි

රණවිරු සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන දහයක් වැයදරා  රණක්ෂිතයට පත් රණවිරුවන් 167  දෙනකු සදහා අවැසි කෘත්‍රිම පාදයන් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව ගාල්ල වෙරළ තීරය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා ගාල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිසිය එක්ව පසුගිය සිකුරාදා (21) සවස යාපනය, චූලිපුරම් ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රුපියල් මිලියන 24කට අධික වටිනාකමකින් ගංජා කිලෝ 80 යි ග්රෑම් 500 ක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

හිටපු ගුවන් හමුදාපති දිවංගත එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ
අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදුකෙරේ

අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකාවේ හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී එච් මෙන්ඩිස්ගේ (විශ්‍රාමික) දේහය පිලිබඳ අවසන් කටයුතු බදාදා (ජනවාරි 19) දින පූර්ණ හමුදා ගෞරව සහිතව දෙහිවල - ගල්කිස්සේ පිහිටි ‘නිසල සෙවන’ සුසාන භූමියේදී සිදුකරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා නාවික හමුදාව ජර්මානු සහ ජපාන යුද නෞකා සමඟ අභ්‍යාසයක

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹට සහ ත්‍රිකුණාමලයට ළඟා වූ ජර්මානු නාවික හමුදාවට අයත් නෞකාවක් සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් සමඟ නාවුක අභ්‍යාසයක් පසුගියදා පවත්වන ලදී .


පුවත් කෙටියෙන් | News Updates

‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී

‘විනය’ සහ ‘කැපවීම’ ඉහළ මට්ටමක පවතින සොල්දාදුවෙකුගේ කායික හා මානසික ශක්තිය සමඟ ඕනෑම යුදමය තත්ත්වයකදී අභීයෝගයන්ට මුහුණදිය හැකි යුද සෙබලුන් නිර්මාණය වේ.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් සිසුන් සියයකට යුද හමුදාවෙන් පාසල් පාවහන්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී සිසුන් 100 දෙනෙකු සඳහා පාසල් පාවහන් පසුගියදා ප්‍රදානය කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

උතුර පදනම් කරගත් හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය තවදුරටත් බලගැන්වේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගියදා යාපනයේ ‘හරිත කෘෂිකර්මය’ කේන්ද්‍ර කරගත් කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේදී එම ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳවද ඔවුන් සාකච්ඡා කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

ඩෙංගු මර්දනයට යුද හමුදා සහාය

පැතිර යන ඩෙංගු උණ රෝගය මැඩපැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් ගම්පහ, කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, රත්නපුර, කළුතර සහ මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘතියක් පසුගියදා පවත්වන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික පුහුණු කඳවුරට සමඟාමීව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජනවාරි 09) උස්වැටකෙයියාව ප්‍රදේශයේදී පවත්වන ලදි. ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුරට සමගාමීව මෙම පරිසර ආරක්ෂණ පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්වුණු බව නාවික හමුදාව පවසයි.


පුවත් කෙටියෙන් | News Updates

54 වන පාබල සේනාංකයේ භටපිරිස් දුම්රියක් තුළ තිබි අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සොයාගනී

54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 2022 ජනවාරි මස 08 වන දින අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 350 ක් අඩංගු පාර්සලයක් සොයාගන්නා ලදී.


පුවත් කෙටියෙන් | News Updates

රණවිරු බිරිඳකට රණවිරු සේවා අධිකාරියෙන් නව නිවසක්

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විරු සුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ තෝරා ගත්, ක්‍රියාන්විත හේතුන් මත දිවිපිදූ ආර්.ටී.ඩී. ස්වර්ණසිංහ රණවිරුවාගේ බිරිඳ වෙත නව නිවසක් පරිත්‍යාග කිරීම පසුගියදා (ජනවාරි 05 ) සිදුකරනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

රණවිරු සේවා ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩකයන් වෙත ක්‍රීඩා උපකරණ පරිත්‍යාගයක්

රණවිරු සේවා අධිකාරියේ ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් පසුගිය වසරේ විශේෂ දක්ෂතා හිමිකරගත් මලල ක්‍රීඩකයන් දෙදෙනකුට සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් තිදෙනෙකු සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාදීම ජනවාරි මස 07 වැනි දින රණවිරු සේවා අධිකාරියේ දී සිදුකරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

කුට්ටිගල අක්කර 10ක යුද හමුදාව කජු වගා කරයි

විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය මට්ටමින් අපනයන බෝග ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රයත්නයට සම්බන්ධ වෙමින් කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ කඳවුරු පරිශ්‍රය තුළ කජු පැළ 700ක් සිටුවීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.

 


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ළමා නිවාස සඳහා යුද හමුදාවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් 'Loved Charity' සංවිධානයේ අනුග්‍රහය ඇතිව මුලතිව් හි පිහිටි ළමා නිවාස සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ පරිත්‍යාග කිරීම, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සංජය වනසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

බක්මීගම වැව් බැම්මේ කාන්දුව යුද හමුදාව අලුත්වැඩියා කරයි

බක්මීගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි බක්මීගම වැව් බැම්මෙහි ජල කාන්දුවක් පිළිබඳ දැනුම්දීමකින් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එය අලුත්වැඩියා කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

කාබනික පොල් වගාව නගාසිටුවීම සඳහා රණවිරු සේවා අධිකාරියෙන් වැඩසටහනක්

අම්පාර දිස්ත්‍රික්කයෙහි රණවිරු සංසදවල සාමාජිකයන් සදහා පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් මහඔය පියාසර ගමෙහි කාබනික පොල්වගා ජනපදය තුලදී පසුගියදා පවත්වන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

රුපියල් මිලියන 26කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් සමඟ
සැකකරුවන් 05දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුහන්දිපුරම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 26ක් වටිනා ගංජා තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙක් ඊයේ (දෙසැ 30) දින අත්අඩංගුවට ගෙන තිබේ.