පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිහි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා 7 වන කණ්ඩායම සිය රාජකාරි කාලය සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය විසින් දකුණු සුඩානයේ බෝර්හි  පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි 7 වන කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි සිය වසරක කාල සීමාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එහි අණදෙන නිලධාරී වෙත පසුගියදා හමුදා සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව හව්පේ මහා විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල හව්පේ මහා විද්‍යාලයේ නවීකරණය කරන ලද විද්‍යාගාරය මෑතකදී සිසු අයිතියට භාර දෙන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායම දිනා ගනී

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද 69 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා (SLAF) කාන්තා කණ්ඩායම පසුගියදා (දෙසැ 18) ගල්කිස්ස ජීවිතාරක්ෂක මූලස්ථානයේදී සමත් විය.


පුවත් කෙටියෙන් | News Updates

පැරා බැඩ්මින්ටන් ජයග්‍රහණ කිහිපයක් රණවිරු සේවා අධිකාරියට

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේදී පැවැති 69 වන ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ප්‍රථම වරට සංවිධානය කරන ලද ආබාධිත බැඩ්මින්ටන් තරඟාවලිය සහ පසුගිය දා අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී නිමාවට පත් වූ 2021 ජාතික පැරා බැඩ්මින්ටන් ක්‍රීඩා තරඟාවලිය නියෝජනය කළ රණවිරු සේවා අධිකාරියේ බැඩ්මින්ටන් කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදාවෙන් මොරටුව විශ්වවිද්‍යාලයට ගුවන් යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිග් 27 වර්ගයේ ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගුවන් යානය මොරටුව විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාර දෙයි

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.


පුවත් කෙටියෙන් | News Updates

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතු ශ්‍රී ලංකා භට පිරිස් වෙත ගෞරව පදක්කම්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්හි ආදර්ශමත් කැපවීම වෙනුවෙන් ලෙබනනයේ සාමසාධක රාජකාරින් හි නියුතු භට පිරිස් වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පදක්කම් පෙළපාලියේදී පදක්කම් ප්‍රදානය කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.


පුවත් කෙටියෙන් | News Updates

2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩකයින්ගෙන් ජයග්‍රහණ

පසුගියදා උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හි පැවති 2021 පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් දිනාගැනීමට සමත් විය.


පුවත් කෙටියෙන් | News Updates

මුලතිව් ජනතාවගේ ජිවන තත්වය නගාසිටුවීමට යුද හමුදා සහය

මුලතිව් ආරක්ෂක සේනාවට අයත් යුද හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රජා සුභසාධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

දකුණු පළාතේ රණවිරු ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක්

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික් කාර්යාල වලින් රණවිරුවන් වෙත සැපයෙන සේවාවන් පිළිබඳ සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, අධ්‍යක්‍ෂක ඇතුළු නිලධාරීන් විසින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගිය දා සිදු කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා වෙරළ තීරය පිරිසිදු කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ශිෂ්‍යභට බළකාය සිවිල් ප්‍රජාව සමඟ එක්ව කල්ලඩි සිට කාත්තන්කුඩි දක්වා කිලෝමීටර් 4ක් පමණ වෙරළ තීරය පසුගියදා පිරිසිදු කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ජයග්‍රහණ රැසක් රණවිරු සේවා අධිකාරියට හිමිකර දෙමින්
ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අවසන් වේ

2021 ජාතික පැරා බැඩ්මින්ටන් තරඟාවලිය අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී  2021 දෙසැම්බර් මස එකොළොස් වන සෙනසුරාදා දිනය පුරා පවත්වන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250ක් සමඟ විදේශීය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විදේශීය ධීවර යාත්‍රාවක සිටි විදේශීය සැකකරුවන් 6 දෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.


පුවත් කෙටියෙන් | News Updates

රණක්ෂිතයටපත් රණවිරුවන් සදහා විද්‍යුත් ආරෝපිත යතුරුපැදි 55 ක් ලබාදෙයි

රණවිරු සේවා අධිකාරියේ සභාපතිතුමාගේ සංකල්පයකට අනුව සාම්ප්‍රදායික පුනරුත්තාපන ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ගෘහස්ත සංචරණයට සීමා වන රෝදපුටුවක් ලබාදීම වෙනුවට, රණක්ෂිතයටපත් රණවිරුවන්ගේ ප්‍රජා සහභාගීත්වය සහ සමාජ සබදතා වර්ධනයට ඉවහල් වන දෑත යොදාගනිමින් ක්‍රියාත්මක කල හැකි විද්‍යුත් ආරෝපිත යතුරු පැදි 55 ක් ඉපයීමේ ක්‍රයශක්තිය හීනවීමේ ප්‍රතිශතය පදනම් කරගනිමින් ලබාදීම සඳහා අදාල දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ මූලික කටයුතු අරඹන ලදී.



පුවත් කෙටියෙන් | News Updates

වවුනියාවේ තවත් පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිය සමාජ සත්කාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් වවුනියාවේ දිළිඳු පවුලකට අලුතින් නිවසක් ඉදිකර පසුගියදා භාරදෙන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

යාපනයේ තරුණයින් සඳහා ජීවිතාරක්ෂක පුහුණුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ තරුණයින් පිරිසකට ජීවිතාරක්ෂක පාඨමාලාවක් පසුගියදා සිදුකරන ලදී.  යාපනය, කරෙයිනගර් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ දී පැවති මෙම වැඩසටහනට තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී ඇති බව නාවික හමුදා මාධ්‍ය වාර්තා කරයි.


පුවත් කෙටියෙන් | News Updates

මිලියන 82 ක ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමඟ රුපියල් මිලියන 82ක් වටිනා ගංජා තොගයක් ඊයේ (දෙසැ 06) සොයා ගෙන ඇත.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදාවෙන් පැළ සිටුවීමේ සහ පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් විසින් මෑතකදී තලාව ගලයාය ඉංජිනේරු සේවා පුහුණු පාසලේදී කුඹුක්, මී සහ පොල් පැළ 250 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදා භට පිරිස් වෙතින් ත්‍රිකුණාමලය රෝහලට ලේ පරිත්‍යාගයක්

ත්‍රිකුණාමලය මහ රෝහලේ සහ රුධිර බැංකුවේ හදිසි රුධිර අවශ්‍යතා සපුරාලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා සංවිධානය කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදා භට පිරිස් ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

ඛාදනයට ලක් වූ නොච්චිකුලම ආරියන්කුලම වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත් කිරීම යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා සිදුකරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

පානම සහ පොතුවිල් පවුල් දෙකක් වෙත යුද හමුදාවෙන් නව නිවාස

පානම සහ පොතුවිල් ප්‍රදේශයේ පදිංචි පවුල් දෙකක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නව නිවාස දෙකක් ඉදිකර ඔවුන් වෙත භාරදීම පසුගියදා සිදුකරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

උතුරේ රෝහල් සඳහා නාවික හමුදාවෙන් ලේ දන්දීමක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා (දෙසැම්බර් 01) යාපනය අර්ධද්වීපයේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.


පුවත් කෙටියෙන් | News Updates

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නිෂ්පාදනය කළ කාබනික පොහොර ලක් පොහොර සමාගමට භාර දෙයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව "නිරෝගීමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළ යුතුය.