නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ජනාධිපතිතුමා කලාඔය ආපදාවට පත්වුවන් මුදවා ගැනීම
සජීවීව නිරීක්‍ෂණය කරයි

කලාඔය ප්‍රදේශයේ ගංවතුරට හසු වී, සිර වී තිබූ බස් රථයක ගමන් කරමින් සිටියදී ආපදාවට පත් වී, නිවසක වහලක් මත රැඳී සිටි පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය විසින්  මුදා ගැනීමේ මෙහෙයුම, අද උදෑසන (නොවැම්බර් 29) ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් විශේෂ මෙහෙයුම් මැදිරියේ සිට සමීපව නිරීක්‍ෂණය කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ආපදා සහන කණ්ඩායම් යෙදවීම

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආපදා සහන කණ්ඩායම් 141ක් සූදානම් කර තිබේ. 2025 නොවැම්බර් මස 29 වන දින උදෑසන 0730 වන විට, එම කණ්ඩායම් අතුරින් කණ්ඩායම් 79ක් දිවයින පුරා සියලුම පළාත් ආවරණය වන පරිදි සක්‍රීය මෙහෙයුම් සඳහා යොදවා තිබේ. නොවැම්බර් 22 වන දින සහන මෙහෙයුම් ආරම්භ කළ දින සිට මේ දක්වා ආපදාවට පත් වූ පුද්ගලයින් 900 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව මුදාගැනීමටත්, පුද්ගලයින් 2000ක් පමණ ආරක්‍ෂිතව නාවික හමුදා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීමටත්, නාවික හමුදාව සමත් වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය හමුවේ මොණරාගල දිස්ත්‍රික්කයේ
යුද හමුදා සහන මෙහෙයුම්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතීම හේතුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සහ 12 වන පාබල සේනාංක භට පිරිස් විසින් මොණරාගල දිස්ත්‍රික්කය පුරා විවිධ හදිසි ආපදා සහන මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව “නිකවැරටිය” සහ “දොම්පේ” ගංවතුරට
හසු වූ පුද්ගලයන් පස් දෙනෙකු මුදාගනි

උත්සන්න වන ගංවතුර තත්ත්වයන් මධ්‍යයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අද උදෑසන (නොවැම්බර් 29) හදිසි මුදාගැනීමේ මෙහෙයුම් දෙකක් (02) සාර්ථකව සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින  ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් (2025.11.29) අද දින අළුයම 0145 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ලගා විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණයක් මධ්‍යයේ පවා යුද හමුදා භට පිරිස් විසින් සිදුකෙරෙන හදිසි ආපදා ප්‍රතිචාර මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුර තත්ත්වයට මුහුණ දෙමින් සිටි කයිලගොඩ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් 38 දෙනෙකු ඉන් මුදාගෙන, ඔවුන්ට අවශ්‍ය කෙරෙන අඛණ්ඩ සත්කාර, ආරක්‍ෂාව සහ අත්‍යවශ්‍ය සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයක් වෙත ආරක්‍ෂිතව ගෙන යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොළොන්නරුවේ අතරමං වූ පුද්ගලයින් 13 දෙනෙකු ගුවන් හමුදාව විසින් ගලවා ගනී

හිඟුරක්ගොඩ, අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සිට බෙල්-212 හෙලිකොප්ටරයකින් පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් අද (නොවැම්බර් 28) උදෑසන පොළොන්නරුව මනම්පිටිය පාලම මත අතරමංව සිටි 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. සියලුම පුද්ගලයින් ගුවන් මගින් ආරක්‍ෂිත ස්ථාන වෙත ගෙන යන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අයහපත් කාලගුණය හමුවේ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන්: දැවැන්ත හදිසි සහන සහ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි

ජාතික ආරක්‍ෂාව සහ මානුෂීය සහයෝගය ඉහළම ප්‍රමුඛතා ලෙස තබා ගනිමින් ඕනෑම මොහොතක හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් පැය 24 පුරාවටම සූදානමින් සිටින අතර, දැනටමත් සෑම දිස්ත්‍රික්කයකම පාහේ සියලු ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික ආපදා කළමනාකරණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ආපදා කළමනාකරණ කමිටුව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 27) රාත්‍රියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන්

අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රට බරපතල ව්‍යසනයකට ලක්වෙමින් පවතින අතර, බදුල්ල දිස්ත්‍රික්කය ද එම ව්‍යසනයේ කොටසක් බවට පත්ව තිබේ. පවත්නා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කඩිනම් හා ඉහළ පෙළේ දේශපාලන හා පරිපාලන නිලධාරීන් සම්බන්ධ වු බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව ඊයේ රාත්‍රි 0730 ට (නොවැම්බර් 27) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස්වීය. එහිදී ආපදා අවම කිරීම, සහන සැපයීම සහ ආපදාවට ලක් වූවන් කඩිනමින් ඉවත් කර ගැනීම පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ”

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ 4 වන පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අද (නොවැම්බර් 27) දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් “INS Vikrant” ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අද (නොවැම්බර් 25) දින කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් ගුවන් යානා ප්‍රවාහන යුධ නෞකාවක් වන "INS Vikrant" නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ

දේශගුණික විපර්යාස සහ ආපදා වැළැක්වීම පිළිබඳ 9 වන ආසියා - ශාන්තිකර කලාපීය විකාශන සංගමයේ මාධ්‍ය සමුළුව (CADP 2025) අද (නොවැම්බර් 25) දින ගල්කිස්ස Mount Lavinia හෝටල් පරිශ්‍රයේදී ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපීය මාධ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආපදා අවධානම් පිළිබඳ විශේෂඥයින් සහභාගී වේ. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන අවධානය යොමු කෙරේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින උත්සවය ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

බංග්ලාදේශ ජනරජයේ 54 වැනි සන්නද්ධ හමුදා දින සැමරුම් උත්සවය පසුගිය දා (නොවැම්බර් 24) සන්ධ්‍යාවේ කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යටවීමෙන් ආපදාවට පත් උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සහ මහජනතාවට සහාය වීම සඳහා යුද්ධ
හමුදා සහාය

අද (නොවැම්බර් 22) පනස්ගම ප්‍රදේශයේ අකුරැස්ස - සියඹලාගොඩ මාර්ගයේ මීටර් 200 ක පමණ කොටසක් අඩි 03 ක පමණ ජල මට්ටමකින් යටවීම හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 613 වන පාබල බලසේනාවට අයත් 3 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින්, හදිසි සහන සැලසීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ආපදා සහන සේවා සඳහා එක් නිලධාරියෙකු සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා කණ්ඩායමක් එම ස්ථානය වෙත අනුයුක්ත කොට ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන් විපතට පත් ජනතාවට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන සිංහ රෙජිමේන්තුවේ මැදිහත්වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරයි

අද (නොවැම්බර් 22) උදෑසන පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම හා ඉන් මුදාගැනීම සඳහා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 611 වන පාබල බලසේනාව යටතේ ක්‍රියාත්මක 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ (8 SR) භට පිරිස් විසින් කඩිනම් සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මැදිහත්වීමෙන් ගංවතුරෙන් පීඩාවට පත් නෙළුව ප්‍රදේශයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ මහජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සලසයි

අද (නොවැම්බර් 22) දින පැවති අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නෙළුව ප්‍රදේශයේ ඇති වී තිබෙන හදිසි ගංවතුර තත්ත්වයට ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින්, 573 වන පාබල බලසේනාව යටතේ ඇති 20 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින්, එම ප්‍රදේශයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ සාමාන්‍ය ජනතාවට සහය වීම සඳහා මෙහෙයුමක් දියත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

2025 නොවැම්බර් 19 දින සිට 20 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි පැවැත්වෙන කොළඹ ආරක්‍ෂක සමුළුවේ 7 වැනි ජාතික ආරක්‍ෂක උපදේශක හමුව අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරු දෙමාපියන්ට ලබාදෙන “මා පිය රැකවරණ දීමනාව” ලබා ගැනීම සඳහා ජීව දත්ත සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ

ශ්‍රී ලංකාවේ සාමය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම උදෙසා ක්‍රියාන්විත රාජකාරියේදී තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ දෙමාපියන් වෙත "මා පිය රැකවරණ දීමනාව" ලබාදීම රණවිරු සේවා අධිකාරියේ මාපිය රැකවරණ අංශය විසින් සිදු කරනු ලබයි. මෙම දීමනාව යටතේ සුදුසුකම් ලත් දෙමාපියන්ට මාසිකව රු. 750.00ක මුදලක් ලබා දීමට කටයුතු කරනු ලැබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශය සිය කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණ ක්‍රමවේදයට යොමු වෙයි

රාජ්‍ය අංශයේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරක් ලෙස, ප්‍රතිඵල මත පදනම් වූ කළමනාකරණය (RBM) ආයතනීකරණය කිරීම පිළිබඳ විශේෂ සැසියක් පසුගිය සතියේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණ. මෙම මුලපිරීම ඔස්සේ සියලුම රාජ්‍ය ආයතන හරහා වගවීම, විනිවිදභාවය සහ කාර්යක්‍ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන රජයේ පුළුල් ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය සමඟ පෙළගැසී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා දැනට ක්‍රියාත්මක ප්‍රධාන ජාතික ආපදා පෙර සූදානම් ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කරයි

ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම සහ අවම කිරීමේ වැඩසටහන් පිළිබඳ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (නොවැම්බර් 17) දින ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ අංශයේදී පැවැත්විණි. ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, ඊට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ යන ආයතනවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා සන්නද්ධ හමුදා සැමරුම් දිනයට සහ පොපි මල් උත්සවයට එක්වෙයි

81 වන සන්නද්ධ හමුදා සැමරුම් දිනය සහ පොපි මල් සැමරුම් උත්සවය අද (නොවැම්බර් 16) දින කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි Cenotaph හමුදා ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ශ්‍රි ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය, රට වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ මතකය ආවර්ජනය සහ ඔවුන් විසින් රට දැය වෙනුවෙන් සිදුකල උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, අද (නොවැම්බර් 14) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඒ ඔස්සේ ද්විපාර්ශ්වික ආරක්‍ෂක හවුල්කාරිත්වයේ නව යුගයක් සනිටුහන් කරයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනවසර මසුන් ඇල්ලීම වැළැක්වීමේ උපාය මාර්ග සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් 11) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යාපනය ඉඩම් නිදහස් කිරීම පිළිබඳ හමුවට
ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්ද එක්වෙයි

දැනට ආරක්‍ෂක අංශ යටතේ පවතින යාපනය - පලාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ව්‍යාපෘතියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ඊයේ (නොවැම්බර් 11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි.