නවතම පුවත්
නව ජාතික බුද්ධි ප්‍රධානි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ජාතික බුද්ධි ප්‍රධානි ලෙස පසුගියදා නව පත්වීම් ලැබූ මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) අද (ජනවාරි 03) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී හමුවිය.
රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්‍යක්‍ෂ ලෙස
එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක පත් කෙරේ
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 2025 ජනවාරි 02 දින සිට බලපැවැත්වෙන පරිදි රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක පත්කර ඇත.
නව යුද හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ අද (ජනවාරි 02) කොළඹ පිහිටි සිය කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.
නව නාවික හමුදාපතිවරයා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවට අභිනවයෙන් පත් වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (ජනවාරි 02) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඔහුගේ කාර්යාලයේදී හමුවිය. 26 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් බානගොඩ පත් වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ පවත්වන ලද පළමු නිල හමුව මෙය වේ.
නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධූරයේ වැඩ භාර ගනී
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) අද (ජන 01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
යහපත් අනාගතයක් සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට හැකි සෑම අයුරින්ම සහය දැක්වීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි’ - ආරක්‍ෂක ලේකම්
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ යහපත් අනාගතයක් සඳහා ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව ඉදිරි කාලසීමාව තුල ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශය වෙනුවෙන් හැකි සෑම අයුරින්ම සහය දැක්වීම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි.
නව අවුරුදු සුබපැතුම් පණිවිඩය
දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්‍ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදුකරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට මේ වන විට අපි යුහුසුළුව කටයුතු කරමින් සිටිමු.
ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාල සේවාවන් සංවර්ධනය කිරීම පිළිබඳ
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානයට
ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය සංවර්ධනය කිරීම සඳහා වන අවශ්‍යතාවන් පිළිබඳ සාකච්ජාවක් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (දෙසැ 31) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.
අභිනව නාවික හමුදාපතිවරයා ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව හමුදාධිපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් කාංචන බානගොඩ අද (දෙසැ 31) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.
නව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද්ධ හමුදාධිපතිවරයා ලෙස ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පත් කරන ලදි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව හමුදාධිපතිවරයා ලෙස
වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පත් කෙරේ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් 26 වන ශ්‍රී ලංකා නාවික හමුදාධිපති ලෙස රියර් අද්මිරාල් බීඒකේඑස්පී බානගොඩ පත් කරන ලදි.
‘දේශයේ ආරක්‍ෂාව උදෙසා නූතන ගෝලීය ආරක්‍ෂක අභියෝග හමුවේ
සාර්ථකව මුහුණ දිය හැකි අයුරින් අපගේ ත්‍රිවිධ හමුදාවන් සවිබල ගැන්වීමට
අප හැකි උපරිමයෙන් උත්සාහ ගනු ඇත’ - ආරක්‍ෂක ලේකම්
"අප සතු ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්ෂණයන් සහ යුධෝපකරණ සමඟින් නවීකරණය කිරීමට අප උපරිම උත්සාහයක් දරමින් සිටින්නෙමු".
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව කොළඹට ලඟා වෙයි
ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා සෙනසුරාදා (දෙසැ 28) දින කොළඹ වරායට සේන්දු විය. නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව පිළිගත් බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
‘ජාතික සුරක්ෂිත දිනය’ සුනාමි ව්‍යසනයෙන් වසර විස්සක් සපිරෙන දින සැමරේ
2004 වර්ෂයේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත 35,000 කට අධික පිරිසක් බිලිගත් මෙරට සිදු වූ විශාලතම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකෙන සුනාමි ව්‍යසනය සිදු වී වසර 20ක් ගතවූ අද (දෙසැ 26) ‘ජාතික සුරක්ෂිත දිනය’ සැමරුම් වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
රණවිරුවන්ගේ සුබසාධනය ගැන සොයා බැලීමට පත් කල කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ
මව්බිමේ නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ හා රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබදව සොයාබැලීම සඳහා පත් කරන ලද මණ්ඩලයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (දෙසැ .26) දින ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැත්විණි.
නත්තල් දින සුබපැතුම් පණිවිඩය
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි.
සුභ නත්තලක් වේවා
ලෝකවාසී සියලුම ජනතාවට සාමය හා සතුට පිරී සුභ නත්තලක් වේවා!
ICGS Vaibhav කොළඹ වරායට සේන්දු වේ
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය සඳුදා (දෙසැ 23) සවස ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක් වන (ICGS) Vaibhav හි සංචාරයකට එක්විය.
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
මහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 දෙසැම්බර් 21) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
රට ගොඩනඟන මෙහෙවරට ඔබේ දැඩි කැපවීම රටට අවශ්‍යයි - ආරක්‍ෂක නියෝජ්‍ය
ඇමති යුද්ධ හමුදා කෙඩෙට් නිලධාරි විසිරයාමේ පෙළපාලියේදී කියයි
"රටක වටිනාම වස්තුව එහි පුරවැසියන් වන අතර, ඔවුන් ආරක්‍ෂා කිරීම ඔබගේ ප්‍රථම සහ ප්‍රමුඛතම වගකීමයි. මෙම වගකීම ඔබගේ මනසෙහි ගැඹුරින් කාවැදී තිබිය යුතු අතරම ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීම ඔබගේ මූලික වගකීමයි" නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී අද (දෙසැ. 21) දින පැවති විසිර යාමේ පෙළපාලියේදී නව අධිකාරි ලත් නිලධාරින් අමතමින් ප්‍රකාශ කළේය.
"Cloud Sentinel 2024" වැඩසටහන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ
ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මගපෙන්වීම යටතේ ආරක්‍ෂක සයිබර් විධානය විසින් ‘Cloud Security Alliance Sri Lanka Chapter’ සමඟ එක්ව "Cloud Sentinel 2024" වැඩසටහන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී 2024 දෙසැ මස 19 වන දින සාර්ථකව පවත්වන ලදි.
ගංවතුර හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ඇතිවන ජලගැලීම් පාලනය කෙරෙහි
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අවධානය
කොලොන්නාව ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවිම සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය පියවර සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වේ.
ජාතික ශිෂ්‍යභට බළකායේ නියෝජිත පිරිසක්
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි
ජාතික ශිෂ්‍යභට බළකායේ නියෝජිත පිරිසක් පසුගියදා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවී මේවන විට ජාතික ශිෂ්‍යභට බළකාය විසින් සිදුකරන අඛණ්ඩ ක්‍රියාකාරකම්, එහි ජයග්‍රහණ සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සාකච්ඡාවේදී, ජාතික ශිෂ්‍යභට බළකාය වෙත තරුණ ප්‍රජාව සම්බන්ධ වීම ප්‍රමාණාත්මකව ඉහල නැංවීම, දැනට ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීම මෙන්ම, ප්‍රජා සංවර්ධනය සහ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වන ඔවුන්ගේ ඉලක්ක පිලිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළහ.
මාධ්‍ය නිවේදනයයි
සිවිල් පුරවැසියන්ට තම ජිවිත ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ලබාදී තිබු සියලුම වර්ගයේ ගිනි අවි හා පතරොම් 2024 නොවැම්බර් 21 දිනට පෙර ප්‍රමාණාත්මකව සමාලෝචනය කිරීමේ පරමාර්ථයෙන් නැවත රජයට භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් දැනුම් දෙන ලදි. අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් මේ වනවිට 85% ක් පමණ බලපත්‍රලාභීන් විසින් එම ගිනි අවි නැවත භාරදීමට කටයුතු කර ඇත.