පුවත් කෙටියෙන්
නීති විරෝධී මෝර වරල් තොගයක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස ලබා ගන්නා ලද නිල් මෝර වරල් 41 සහිත ධීවර යාත්‍රා දෙකක් සමඟ ධීවරයන් 13 දෙනෙකු ඉකුත් සෙනසුරාදා (29) දින දික්ඕවිට ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් මිලියන 24ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව දින දෙකක් පුරා (මැයි 30,31) පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 80 කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මොරවකට
මොරවක රෝහලේ තිබූ අතහැර දැමු ගොඩනැගිල්ලක් යුද හමුදාව විසින් මෑතකදී ප්‍රතිසංස්කරණය කර කොවිඩ් -19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලදි.
නාවික හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
පවතින වසංගත තත්වය හමුවේ ඇති රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදා නැගෙනහිර නාවික විධානය විසින් ඊයේ (මැයි 30) දින පවත්වන ලදි.
මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ආපසු හරවා යැවේ
මන්නාරමට උතුරෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයින් 40 දෙනකු සහිත ඉන්දීය ධීවර යාත්‍රා 4 ක් ආපසු හරවා යැවීමට නාවික හමුදා උතුරු මැද නාවික විධානය විසින් මැයි මස 29 වන දින කටයුතු කරන ලදි.
පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු යාපනයේදී යුද හමුදා අත්අඩංගුවට
යාපනය නගර්කෝවිල් ප්‍රදේශයේ මාළු තොටුපලක් ආසන්නයේ පොළව යට වලළා තිබු ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු ඊයේ ( මැයි 28 ) දින යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට මාතෘ හා ළමා ඒකකයක්
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා ප්‍රමුඛ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරීකාවක නිරත විය.
පුංගුඩුතිව් වැසියන්ට සහන සලසමින් අක්‍රිය වූ පාලම් පාරුව නාවික හමුදාවෙන් පිළිසකර කෙරේ
පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ අක්‍රීයව තිබූ පාලම් පාරුව පිළිසකර කිරීම සඳහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (මැයි 27) කටයුතු කරන ලදි.
තද වැසි සමඟ නායයෑම් අනතුරු
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මැයි මස 26 දින දක්වා තඳ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර ඇත.
සංචරන සීමා නීරික්‍ෂණය සඳහා යුද හමුදා සහය
රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සහය දැක්වීම සඳහා බස්නාහිර පළාතේ විශේෂ ක්‍රියාන්විතයන් යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩායම් (QRT), විශේෂ බලකා යතුරු පැදි කණ්ඩායම්, යුද්ධ හමුදා ඩ්‍රෝනා කැමරා සහ පාබල ඒකක කණ්ඩායම් යොදාවා ඇත.
තද වැසි සහ සුළං පිළිබඳ අනාවැකි
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින “යාස්” සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින පුරා සුළං සහ නිරිතදිග කොටසේ වැසි තත්වය (බටහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත් තුළ ) අද (25) සිට වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම තත්වය මැයි 27, දක්වා පවතිනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නාවික හමුදාවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතික රුධිර පාරවිලයන සේවය, අපෙක්ෂා රෝහල සහ අනෙකුත් රෝහල් සමඟ එක්ව දිවයින පුරා විසිරී ඇති සියලුම නාවික විධානයන් ආවරණය කරමින් ලේ දන් දීමේ ව්‍යාපාරයක් ඊයේ (මැයි 24) පවත්වන ලදී.
“යාස්” සුළි කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවේ
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් (“යාස්”) දක්වා වර්ධනය වී ඇති අතර මැයි 24 වන දින උදෑසන 05.30 වන විට උතුරු අක්ෂාංශ 16.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ප්‍රදේශයේ මෙම කුණාටුව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
යුද හමුදාව විසින් කැළණි ගං ඉවුර ප්‍රතිසංස්කරණය කරයි
කැළණි ගග පිටාර ගැලීමෙන් ප්‍රදේශය ජලයෙන් යටවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් ඊයේ (මැයි 23) හංවැල්ල, ඉහළ පොල්අත්තාව ප්‍රදේශයේ කැළණි ගං ඉවුරේ වැලි කොට්ට අතුරා ඉවුරු ඛාදනය අවම කිරීමට කටයුතු කරන ලදී.
රුපියල් මිලියන 39 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනය තොණ්ඩමනාරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 39ක් වටිනා ගංජා තොගයක් අද (මැයි 23) දින ගිනි තබා විනාශ කරන ලදී.
නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වේ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමුද්‍ර කාලගුණ අනාවැකිය නිකුත් කරමින් නැවත දැනුම් දෙන තුරු ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ (08N-20N, 83E-100E) ධීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙස අවවාද කර ඇත.
මුල්ලේරියාව රෝහලට විශේෂ දැඩි දැඩි සත්කාර එකකයක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මුල්ලේරියාවේ පිහිටි කොළඹ නැගෙනහිර මූලික රෝහලේ ඉදිකරන ලද විශේෂ දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඊයේ (මැයි 21) දින විවෘත කරන ලදී.
ගුවන් හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම අපේක්ෂා රෝහල සමග ඒකාබද්ධව ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (මැයි 21) දින කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේ දී පවත්වන ලදී.
කේරල ගංජා සමග සැකකරුවෙකු මන්නාරමේ දී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි20) දින මන්නාරම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් කේරල ගංජා කිලෝ 1 ග්‍රෑම් 450ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බහාලුම් නෞකාවක ගින්න මැඩපැවැත්වට නාවික හමුදා සහය
කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා යොදාගෙන මේ වනවිට පාලනය කිරිමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අද (21) දින පැවසීය.
ධීවර ප්‍රජාවන්වෙත අනතුරු ඇගවේ
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (12N-20N, 85E-100E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 21) කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇත.
අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවේ
අද රාත්‍රි 11.00 සිට රටපුරා සංචරණ සීමා පැනවෙන අතර එය අඟහරුවාදා (මැයි 25) අලුයම 4.00 ට ඉවත් කෙරේ.
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය රළුවන ලකුණු
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 20) කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
නීති විරෝධී වැලි ගොඩදැමීමේ ස්ථාන කිහිපයක් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව වටලයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් හරහා ලබාගත් බුද්ධි තොරතුරු සහ බී -200 ගුවන් යානා යොදා ගනිමින් සිදු කළ වැඩිදුර නිරීක්ෂණ වලින් අනතුරුව ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ විසින් ඊයේ ( මැයි 18) මුතූර් හි සිතාර් පාලම අසල සිදු කරන ලද නීති විරෝධී වැලි ගොඩදැමූ ස්ථාන කිහිපයක් වටලා තිබේ.
විජයග්‍රාහී දිනයේදී ත්‍රිවිධ හමුදාවේ 6744 කට උසස්වීම්
මැයි 18 දිනට යෙදී තිබෙන විජයග්‍රාහී දිනයට සමගාමීව 12 වන ජාතික රණවිරු සැමරුම සනිටුහන් කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත, සන්නද්ධ හමුදා සේනාවිධායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ත්‍රිවිධ හමුදාවේ 6744 දෙනෙකුට ඊලග නිළිය සඳහා උසස්වීම් ලබා දෙන ලදී.