නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදා භටපිරිස් මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශය
පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කරයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත සිදුකරන ලද මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WWV RSP ndc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ සාර්ථකව නිම කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඉන්දු - ශ්‍රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින්
‘‘SLINEX-25’’ නාවික අභ්‍යාසය ඇරඹේ

ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රමුඛතම ද්විපාර්ශ්වික නාවික හමුදා අභ්‍යාසයක් වන "SLINEX - 25" පසුගිය බ්‍රහස්පතින්දා (අගෝ. 14) දින කොළඹ වරායේදී නිල වශයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාවේ පැවති එම සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්, ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - මෙහෙයුම්, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

මෙරට එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස නව පත්වීම් ලැබු කර්නල් Keith Miles අද (අගෝ 14) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ගරු කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (අගෝ 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන දිනයේදි විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ
සුභසාධනය කෙරෙහි අවධානය යොමු කෙරේ

විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවි පිදූ රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය සඳහා වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම යළිත් තහවුරු කරමින්, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ: 13) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මහජන දින වැඩසටහන පවත්වනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අලි මිනිස් ගැටුම් අවම කිරීම
සඳහා ගත යුතු පියවර සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වේ

දිනෙන් දින උග්‍රවන අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගයන් සමාලෝචනය කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 12) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් සිදුවන තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධයෙන් නිරීක්‍ෂණය වී ඇති නව ප්‍රවණතා සම්බන්ධයෙන් හදිසි දැනුම්දීමක් සිදුකරනු ලබයි

නැගෙනහිර ආසියාතික රටවල රජයේ නිසි අවධානයකට ලක් නොවී ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් මිනිසුන් යොදවා පවත්වාගෙන යනු ලබන සයිබර් අපරාධ මධ්‍යස්ථානයන් සඳහා තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් නොමඟ යැවීමට ලක්කර විශාල වශයෙන් බඳවා ගැනීම් සිදුකරනු ලබන බවට තොරතුරු වාර්තා වී ඇත. තොරතුරු වාර්තා වන ආකාරයට මේ වන විටත් මේ හා සම්බන්ධ අපරාධකරුවන් විසින් විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් 50000ක පමණ පිරිසක් බඳවා ගැනීමේ ප්‍රයත්නයක නිරත වී ඇති අතර, ශ්‍රී ලංකාව ද එම රටවල් අතර ප්‍රමුඛස්ථානයක් බවට පත්ව ඇති බවට ද වැඩිදුර තොරතුරු වාර්තා වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2026-2030) සඳහා වන නිර්දේශ ආරක්‍ෂක ලේකම්වරයා වෙත භාර දෙයි

ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාම නිරීක්‍ෂණය කිරීම සහ මැඩපැවැත්වීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම (2026-2030) සඳහා වන නව නිර්දේශ, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ප්‍රධානී Kristin B. Parco මහත්මිය විසින් නිල වශයෙන් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත අගෝස්තු මස 05 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී භාර දෙන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

චීනය රුපියල් මිලියන 400 ක ආපදා සහන උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

මහජන චීන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 400 ක් වටිනා ආපදා සහන උපකරණ පරිත්‍යාග කිරීම කොළඹ ආපදා කළමනාකරණ අංශයේ අද (අගෝස්තු 05) පැවති උත්සවයකදී සිදුවිය. අද උදෑසන පැවති මෙම නිළ උත්සවයේදී චීන තානාපති ගරු Qi Zhenhong මැතිතුමා විසින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) වෙත එම මානුෂීය ආධාර තොගය නිළ වශයෙන් භාරදීම සිදුකරන ලදි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

Aegis Lexicon - 2025 සයිබර් ආරක්‍ෂක වැඩමුළුව
ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂක සයිබර් විධානය, AEGIS LEXICON - 2025 සයිබර් ආරක්‍ෂක වැඩමුළුව ජූලි 29 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදි. 2023 අගෝස්තු 03 වන දින පිහිටුවන ලද ආරක්‍ෂක සයිබර් විධානය එහි දෙවන සංවත්සරය සැමරීම සඳහා මෙම වාර්ෂික උත්සවය සංවිධානය කරන ලද අතර, එය ඩිජිටල් ආරක්‍ෂාව සහ සයිබර් ආරක්‍ෂණ හැකියාවන් කෙරෙහි ශ්‍රී ලංකාවේ වර්ධනය වන සූදානම ඉස්මතු කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණවිරුවන්ගේ සුභසාධනය පිළිබඳ මහජන දිනයේදී
ආරක්‍ෂක ලේකම්වරයා සොයාබලයි

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය හා පවතින ගැටළු පිළිබද සොයාබැලීමේ අරමුණින් සිදුකරනු ලබන මහජන දින වැඩසටහන අද (අගෝ 01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රංශ තානාපතිවරයා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මැතිතුමා ඊයේ (ජූලි 31) දින කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන චීන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුමේදී ශ්‍රී ලංකා - චීන ආරක්‍ෂක සබඳතා යළි තහවුරු කෙරේ

මහජන චීන විමුක්ති හමුදාවේ 98 වන සංවත්සර සැමරුම ඊයේ (ජූලි 30) දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුන අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහභාගී විය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ වරද සම්බන්ධයෙන් කම්කරු නිළධාරීන් දැනුවත් කෙරේ

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, කම්කරු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ එක්ව, බලහත්කාරයෙන් ශුමිකයින් ලෙස යෙදවීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා දින තුනක පුහුණු වැඩසටහනක් අද (ජූලි 30) කොළඹ ටාජ් සමූද්‍රා හෝටලයේදී ආරම්භ කරන ලදි. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජන දිනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් හා රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනයට පියවර

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ පවතින ගැටළු නිරාකරණයට හා ඔවුන්ගේ පාලන කටයුතු පිළිබඳ සොයාබැලීම වෙනුවෙන් සිදු කරනු ලබන මහජන දිනය තුන්වන වරටත් අද (ජුලි 30) දින  නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ  ප්‍රදානත්වයෙන් ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණ. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

අල්ලස් හා දූෂණ විරෝධී පනත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පවත්වයි

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ බලාත්මක කරන ලද අල්ලස් හා දූෂණ විරෝධී පනත පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (ජූලි 30) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

තුර්කියේ පැවති IDEF 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා - තුර්කි ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කරගනී

ලොව ප්‍රමුඛතම ආරක්‍ෂක ප්‍රදර්ශනයක් වන 17 වන ජාත්‍යන්තර ආරක්‍ෂක කර්මාන්ත ප්‍රදර්ශනය 2025 (IDEF 2025), තුර්කි ජනරජයේ ජනාධිපතිතුමාගේ අනුග්‍රහය යටතේ තුර්කි ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශයේ සත්කාරකත්වයෙන් තුර්කි සන්නද්ධ හමුදා පදනම විසින් සංවිධානය කර පවත්වන ලදි. මෙම සුවිශේෂ අවස්ථාව අති නවීන ආරක්‍ෂක තාක්‍ෂණයන් ප්‍රදර්ශනය කිරීම සහ ආරක්‍ෂක අංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පෝෂණය කිරීම සඳහා ගෝලීය වේදිකාවක් සපයන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව ගුවන් හමුදාව හා එක්ව සමුද්‍රීය මෙහෙයුම් විශිෂ්ඨත්වය විදහාපාමින් පැවැත්වූ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025 (TRINEX - 25) සාර්ථකව නිමාවට පත්වෙයි

‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය - 2025’ (TRINEX - 25) 2025 ජූලි මස 22 සිට 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව සාර්ථකව පැවැත්වුණු අතර, අභ්‍යාසයේ සමාප්ති අවස්ථාව 2025 ජුලි මස 27 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවේ දී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර්
එෆ්. ජෝසප් සිය ධූරයේ වැඩ භාරගනී

බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් යූඑස්පී පසුගිය අඟහරුවාදා (ජූලි 22) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් සිය රාජකාරී භාර ගත්තේය. මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ඔහු මෙම ධූරයේ වැඩ භාර ගන්නා ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අවසන් කටයුතු
රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වේ

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ අවසන් කටයුතු ඊයේ (ජූලි 24) දින රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

Regional Resilience at Asian Preparedness Partnership වැඩමුළුවේදී ආරක්‍ෂක ලේකම් කලාපීය ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳ අවධාරණය කරයි

ඊයේ (ජූලි 23) දින කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හිදී පැවති Regional Resilience at Asian Preparedness Partnership වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විශේෂ දේශනයක් පැවැත්විය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

60 වන මාලදිවයින් ජාතික දින සැමරුම් උත්සවයට
ආරක්‍ෂක ලේකම්වරයා සහභාගී වේ

මාලදිවයින් ජනරජයේ 60 වන ජාතික දින සැමරුම් උත්සවය ඊයේ (ජූලි 22) දින කොළඹ සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද විශේෂ ආරාධිතයකු ලෙස මෙම උත්සවයට සහභාගී විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රණජයපුර රණවිරු නිවාස සංකීර්ණයේ ගැටළු විසඳීම

රණවිරු පවුල් සඳහා නේවාසික පහසුකම් සපයා දීමේ අරමුණින් ඉදිකර ඇති ඉපලෝගම රණජයපුර රණවිරු නිවාස සංකීර්ණය තුළ දිගුකාලිනව ඉස්මතුව පවතින ගැටළු විසඳීම සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසු ගිය බ්‍රහස්පතින්දා (ජූලි 17) රැස්වීමක් පැවැත්විය. විශ්‍රාමික, ආබාධිත සහ සේවය කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත පදිංචිකරුවන් මුහුණ දෙන, දැවෙන ගැටළු විමර්ශනය කිරීම සහ විසඳීම සඳහා කැපවූ කමිටුවක් පත් කිරීම මගින් තිරසාර ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

පාකිස්ථාන යුද්ධ හමුදා මණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් Syed Aamer Raza අද (ජූලි 22) දින නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඔහුගේ කාර්යාලයේදී සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක අමාත්‍යංශයේදී හමුවිය. 


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජනපද ‍ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House අද (ජූලි 21) දින කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය. මෙම හමුවට එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක Seth Nevins ද එක්විය.