නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

දීඝවාපි ස්ථුප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අද (ජූනි 10 ) දින ආරක්ෂක අමාත්‍යංශයේදී පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ නව සභාපතිනිය වැඩභාර ගනී

වෛද්‍ය ප්‍රියංගනී අමරබන්දු මහත්මිය ජාතික අන්තරායක ඖෂධ පාලන මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මහතා විසින් 2021 මැයි මස 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශ්‍රාම වැටුප් ලබා ගැනීමටජුනි 10 සහ 11 යන දිනවල ප්‍රවාහන පහසුකම්

ජුනි 10 සහ 11 යන දෙදින තුළ විශ්‍රාමිකයින්ට ළඟම ඇති බැංකුවෙන් විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව විසින් දිවයින පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගම්පහ වැරල්ලවත්තට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගම්පහ වැරල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද ඇදන් 650 ක් සහිත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඊයේ ( ජූනි 7 ) දින විවෘත කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සදහා තවදුරටත් හමුදා සහය

නාවික හමුදාව විසින් යොදවා ඇති ගංවතුර සහන කණ්ඩායම් අද (ජූනි 7) දින  ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් සිදුකරගෙන යමින් පවති.


පසුගිය පුවත් | පසුගිය පුවත්

‘X-PRESS PEARL’ නෞකාවේ කාන්දුව පරික්ෂා කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවන්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ කිමිදුම්කරුවන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද ( ජූනි 6 ) දින ‘X-PRESS PEARL’ නෞකාවේ ඉන්ධන කාන්දුවීම පිළිබඳව සොයාබැලීම සඳහා එහි බඳ කොටස පරික්ෂා කිරීමේ මෙහෙයුමක් සිදුකරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

අවශ්‍ය සේවා වාහන සඳහා විශේෂ ස්ටිකරයක්

සංචරණ සීමා පවතින කාලසීමාව තුළදී කොළඹ නගරයට ඇතුළු වන අත්‍යවශ්‍ය සේවාවන්හි වාහන සඳහා ස්ටිකර් ක්‍රමයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

දැදුරු ඔය ජලාශයේ පහත් බිම්වාසින් වෙත නිවේදන

මේ වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 10500 ක ජල ධාරිතාවක් නිකුත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකාව එක්සත් ජනපද පාර්ලිමේන්තුව විදේශ කටයුතු කමිටුවෙන් ඉල්ලයි

කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය (උතුරු කැරොලිනා හි ඩිමොක්‍රටික් පාක්ෂික) විසින් 2021 මැයි 18 වැනි දින ගෙන එන ලද H. RES. 413 යෝජනාව සමඟ කටයුතු නොකරන ලෙස වොෂිංටන් හි සිටින සිය තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා හරහා ශ්‍රී ලංකාව, එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවෙන් (FAC) නිල වශයෙන් ඉල්ලා සිටියේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාවෙන් ගම්පහ රෝහලට ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් (Heated Humidified Oxygen Therapy Unit) ඊයේ (ජුනි 5) දින ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීමට හමුදා මෙහෙයුම්

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අත්තනගල්ල, කැටකලපිටිය ප්‍රදේශවල සෝදිසිකිරීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නායයෑම් වලින් විපතට පත්වූවන් බේරා ගැනීමට යුද හමුදා මෙහෙයුම්

මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේදී සිදුවූ නාය යෑම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් අතුරුදන් වූ පවුලක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (ජුනි 5) දින මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කැළණි ගං ද්‍රෝණියට ගං වතුර රතු නිවේදන

වර්ෂාපතනය සහ කැළණි ගඟේ වර්තමාන ජල මට්ටම් පිළිබඳ විශ්ලේෂණයට අනුව මීලග පැය 6 ත් 16 ත් අතරතුර හන්වැල්ලෙහි ජල මට්ටම මීටර් 9.00 දක්වා ද නාගලගම් වීදියේ ජල මට්ටම අඩි 6.60 දක්වා ද ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පුත්තලම් දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත්වූවන් නාවික හමුදාවෙන් බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් ගං වතුරට කොටු වී අවධානම් තත්ත්වයේ සිටි පුද්ගලයින් 29 දෙනෙකු බේරාගැනීමට කටයුතු කර ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහ ඔය ද්‍රෝණියටත් ගංවතුර අනතුරු ඇඟවීම්

මහ ඔය ද්‍රෝණියේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (ජූනි 5) දින පෙ.ව. 9.00 වන විට මිලිමීටර් 100 ට අධික සැලකිය යුතු වර්ෂාපතනයක් සිදුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් වැසි ජලයට එකතු වු දැවි තෙල් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි  තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන්, බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (ජුනි 04) සවස විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බස්නාහිරට සහ සබරගමුවට මි.මී 100 ක පමණ වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (4)දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් කියා සිටියේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය යන දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පස් කන්දකට යටවූ කාන්තාවක් යුද හමුදාවෙන් මුදාගැනේ

ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ (ජූනි 4) දින රත්නපුර දුම්බර ඉහලපොල ප්‍රදේශයේදී නාය යෑමක් හේතුවෙන් පස් කන්දකට යටවූ පවුලක් බේරාගැනීමේ මෙහෙයුමක් සිදුකරන ලදි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගිනිගත් නෞකාව පිළිබඳව විමර්ශනයට රජයේ විශේෂඥ කණ්ඩායමක්

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, ඉදිරි විමර්ෂන කටයුතු සඳහා රජයේ විමර්ශන කණ්ඩායමක් 'X PRESS PEARL" නෞකාව ආසන්න මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (4) කටයුතු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නික්මයන රුසියානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

රුසියානු සමූහ ආණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ශ්කොඩා සිය ධූර කාලය අවසන් කිරීමෙන් පසු නික්ම යාමට ප්‍රථම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජූනි 04) දින ආරක්ෂක අමාත්‍යංශයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජල මට්ටම ඉහළ යාමත් සමඟ ගංවතුර ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්

පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කළු සහ කැලණි ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා අද (ජුනි 4) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

කළුතර සහ රත්නපුර යන ප්‍රදේශ සඳහා නායයෑම් රතු නිවේදන

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ හා කලවාන යන ප්‍රදේශ වෙත නායයෑම් සඳහා තුන්වන මට්ටමේ රතු අනතුරු ඇඟවීමේ නිවේදන අද (ජූනි 4) නිකුත් කර තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගංවතුර අවදානම් ප්‍රදේශ සදහා නාවික හමුදා සහන කණ්ඩායම්

දකුණු හා බස්නාහිර පළාත් වල ගංවතුරින් පීඩාවට පත් ජනතාවට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සහන කණ්ඩායම් යොදවා තිබේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පවතින වැසි තත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්වය තවදුරටත් අඛණ්ඩව පවතිනු ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (4) දින කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් ප්‍රකශ කරන ලදි.